IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම්

ඉන්දියාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන අවස්ථා තිබෙන බවත් ඒවායේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අද (20) පැවැසීය.

පාකිස්තානය සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ආයෝජන ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් අනතුරුව ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට පැමිණියේ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතකය. 

සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ප්‍රහාරයේ වගකීම් ජායිෂ් ඊ මොහොම්මද් ත්‍රස්ත සංවිධානය බාරගත්තේය. එහෙත් පාකිස්තාන රජය සහ එරට බුද්ධි අංශය වන අයි.එස්.අයි. සංවිධානය ප්‍රහාර පිටුපස සිටින බව ඉන්දියාව චෝදනා කරයි. මේ තත්ත්වය මත සෞදි අරාබිය පාකිස්තානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර ගනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වේ.

එනමුත් පාකිස්තානය සහ සෞදි අරාබිය ජාත්‍යන්තර දේශපාලනය තුළ මිත්‍ර රටවල් දෙකකි. කෙසේ වුවත් ඉන්දියාව සෞදි කුමරුන් පිළිගනු ලැබුවේ රතු පළස එළමිනි. 

මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඔටුන්න හිමි කුමරු බටහිර රටවල අමනාපයට ලක්ව සිටී. 

ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා සෞදි අරාබිය ඉන්දියාව සමඟ තොරතුරු බෙදාහදා ගැනීමට සූදානම් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ පුවත් සාකච්ඡාවක් පවත්වමින් ඔටුන්න හිමි සල්මාන් කුමරු පැවැසීය. 

රොයිටර් ඇසුරිනි

055

 



අදහස් (0)

සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site