අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු ගෙළ කපා මරා දැමූ නේපාල ජාතික ගෘහසේවිකාවක් හිස ගසා මරා දැමූ බව, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
මේ අයුරින් 2012 වසරේදී 79 දෙනෙකු හිස ගසා මරා දමා ඇති අතර ඉන් 28 දෙනෙකු විදේශිකයන් බවත් 2013 වසරේදී 78 දෙනෙකු හිසගසා මරා දමාඇති බවත් එම වාර්තාවේ සදහන් අතර,
ස්ත්‍රී දුෂණ, පුද්ගලඝාතන, අවි ආයුධ දරමින් කරන මංකොල්ල කෑම්, ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම හා මත් ද්‍රව්‍ය ජාවාරමට වරද කරුවන් වන පුද්ගලයන්ට ඉස්ලාමීය ශරීයා නීතිය යටතේ සෞදිඅරාබියේදී මරණ දඩුවම නියම කරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොකුත් කතා නොකර ඉම්මුද (දී)
කාට හෝ මේ සම්භන්ධව වරදක් කියන්න පුලුවන්ද (දී)
ඔන්න දැක්කානේ රැකියාවටනම් යවන්න එපා කාන්තාවන් (දී)
අපේ කාන්තාවන් කී දෙනෙක් වද හිංසා කරලා, උඩ තට්ටුවලින් තල්ලු කරලා පෙට්ටි වලින් එව්වද ?මේ වනතුරුත් අපි නම් අරාබි කාරයෙකුට දඩුවමක් කළා කියලා අහලා නැහැ (නි).
ලංකාවෙත් ඔය ටිකම කරන්න ඔය රටෙන් ආපු අය පිබුරු පත් සකසමින් යනවා! (දී)
රටක් තම නීතියට අනුව කටයුතු කරනවා කියන එක වරදක්ද (දී)
ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ (දී)
මෙහෙම නීති ලංකාවේ තිබුනොත් කියක් මරන්න වේදීද දෙවියනේ. කියක් ජිවත් වෙලා ඉන්නවද අපේ රටේ නිදහසේ (දී)
ෆාතිමා, රටක නීති තියෙන්න ඕන නමුත් ඒවා ගෝත්‍රික නීති වෙන්න බැහැ! (දී)
නිතියනම් නිතිය මහත්තයෝ (දී)
ශරියා නීතිය යටතේ වෙනත් ආගමක් ඇදහීම නිසා හිස ගසා දමන්න පුලුවන්ද? (නි)
මේක ඒ රටේ උන දෙයක් මොකටද අපි රණ්ඩු කරගන්නේ (දී)
ජනක ඔයාගේ දරුවකුව කව්රුහරි මරා දමුවනම් ඔයා මිනිමරුවට දිය යුතුයි කියල කියන දඩුවම මොනවද? (දී)
ඒ කාන්තාවත් වරදක් කරලා තියෙනවානේ (දී)
මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)
මේවා මානව හිමිකම් යන්න පුළුවන් ප්‍රශ්න නොවෙයිද (දී)
මෙවන් තද නීති අප රටටද අවශ්‍යයි (නි)
අපේ රටේත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ මෙන්න මෙහෙම තදින් තමයි (නි)
ලංකාවෙත් ඔය නීති ක්‍රියාත්මක වෙයිද දන්නෙ නැහැ (නි)
මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මක්නිසාද මට අවශ්‍ය විටෙක වෙනස්වෙන ලොව තුල මට වෙනස්වීමට නිදහස ඇති නිසාය (නි)
ජසීම් මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද!!..ශරීයා නීතිය කොහෙද ලියල තියන්නේ ....? නීතිය ආගමක් වෙන්නේ කොහොමද ? ආගමක් නීතියක් වෙන්නේ කොහොමද ? (දී)
අපි කියලා මොනවා කරන්නද (දී)
ඒ ඉතින් ඒ රටේ නිතිය (දී)
ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම.... මෙන්න මේකට නම් මූලික අයිතිවාසිම් යටතේ මම විරුද්ධයි (නි)
ලංකාවට බැරිද ඔය ශරියාවෙන් කුඩුකාරයොත් , ස්ත්‍රී දුෂකයොත්,මිනීමරුවොත් එල්ලා මරන්න? එවිට අපිටත් පුළුවන් ටිකක් නිදහසේ දරුවෙකුටවත් හොද නරක කියාදෙන්න (නි)
අනිවාර්යයෙන්ම ක්‍රියාක්මක වෙන්න ඕනේ (නදී)
එහෙම කලොත් දයාල් තමයි ඉස්සෙල්ලම මැරෙන්නේ (අ)
සෆ්රන්,ඔය කියන අපරාධ වලට තිබෙන නීති ප්‍රමාණවත්.වෙන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක වීමයි. (නි)
අරාබි නීති අපිට එපා! (නි)
සිල්වා අද ලෝකයේ මානව හිමිකම් මනින මිම්ම තීරණය වන්නේ රට රට වල දුප්පත් පොහොසත් භාවය අනුව , සෞදි අරාබියට , ඇමෙරිකාවට ,වෙන මිනුම් දණ්ඩකි , ලංකාවට , පකිස්ථානයට , නේපාලයට තව මිනුම් දණ්ඩකි . (දී)
නිදහස ගැන කතාකරනවා ඒ අනිත් ආගම් වලට නිදහස තියනවද? (අ)
ස්ත්‍රී දුෂණ ළමා දුෂණ වලට මේ වගේ දඩුවම් ලංකා වේ දෙන්න ඕනේ. (ස)
සේවකයන්ට දෙන වදහිංසා වලට මේ අයට දඩුවම් දෙන්නේ කව්ද. (නදී)
මමනම් වරදක් කරන්නේ නැහැ (දී)
හසන්ත,තද නීති තිබුන කියල අපරාධ අඩුවෙලා තියෙනවද ඔය රටේ? (නදී)
දයාල්,ඔයාටත් මේ වගේ නීති ඕනේ නම් අරාබියට යන්න පුළුවන්! (අ)
ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම, මේකටත් දඩුවම හිස ගසා දැමීම නම්. මානව හිමිකම් ගැන කතා කරන ඇමරිකාව, යුරෝපය, පිල්ලේ, බෑන් කි මුන් පොල් ගානවද සෞදියත් එක්ක. තෙල් සල්ලි නිසා සේරම යටයි.(නදී)
ලංකාවේ මිනිස්සුන්ටත් මෙවන් දඩුවම් අවශ්‍යයි (නදී)