කෙන්යාවේ හෙල්ස් ගේට් ජාතික උද්‍යානයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සංචාරකයින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර ඔහු සොයාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි සඳහන් වේ.
 
මියගිය අය අතර කෙන්යානු ජාතිකයින් පස්දෙනකු, විදේශිකයෙකු හා මගපෙන්වන්නා ද සිටින බව පොලිසිය පවසයි.
 
කණ්ඩායමේ සිටි දෙදෙනකු දිවි බේරාගැනීමට සමත්වී ඇති අතර ඔවුන් උද්‍යාන භාරකරුවන් දැනුම්වත් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
 
ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වී ඇති අතර
නයිරෝබි අගනුවරට කිලෝමීටර් 100ක් පමණ වයඹ දිගින් මෙම උද්‍යානය පිහිටා ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)