සෞඛ්‍යයට දැඩි ලෙස හානිකරන, සීනි මිශ්‍ර සිසිල් බීම වර්ගවල දැන්වීම් සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර ඇත.
සිංගප්පූරුවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
එවැනි නිෂ්පාදනවල අඩංගු සීනි මට්ටම හා පෝෂණ අන්තර්ගතයන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන විධිවිධාන හඳුන්වාදීමට ද එරට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
සිංගප්පූරුවේ අලෙවි කරන තම සමාගමේ බීමවල සීනි සාන්ද්‍රණය අඩු කිරීමේ සැලසුම් සඳහා මේ ඔස්සේ අවස්ථාව සැලසෙන බව සිංගප්පූරු රජයේ මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් ලොව විශාලතම සිසිල් බීම සමාගම වන කොකාකෝලා සමාගම පවසයි.
අදාළ තහනම එරට සියලු විද්‍යුත්, මුද්‍රිත හා අන්තර්ජාල රූපවාහිනී මාධ්‍යවලට ද අදාළ වෙයි.
ඒ අනුව සෞඛ්‍යයට අහිතකර බීමවර්ගවල දැන්වීම් තහනම් කළ ලොව පළමු රට බවට සිංගප්පූරුව පත්වනු ඇත.
-226-
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම කළේ? උගතුන්ගෙන් පිරි කැබිනට් මණ්ඩලයක් (අමාත්‍ය මණ්ඩලයක් ) සිටින නිසා. හරි තීන්දු තීරණ ගැනීම කිසි පැකිලීමකින් තොරව සාධාරණ ලෙසින් ගැනීමේ හැකියාව. අනේ සාදු !!!! අප රටෙත් නියම කැබිනෙට්ටුවක් තියනවා. පරණ උනත් ගෙදර මුල්ලේ තියන එක ඊට වඩා දහස් ගණනක් වටිනවා. අපේ මණ්ඩලය , ජාත්‍යන්තර සමාගම ගානක් දුන්නු ගමන් ඕනේ දෙයක් කරයි.