චීනයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් සිකා වෛරස් ආසාදිත රෝගීන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

චීනයේ ප්‍රථම රෝගියා හඳුනාගෙන ඇත්තේ නැගෙනහිර ජිනක්ෂි පළාතෙනි. තිස් හතර හැවිරිදි මෙම පුද්ගලයා දකුණු ඇමරිකාවේ සංචාරයකින් පසු චීනයට පැමිණ ඇත.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන්ද  සිකා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් තිදෙනකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය බළධාරීන් පවසයි. මොවුන් ද විදේශ සංචාරයන්හි නිරත වී ඇත.  

සිකා වෛරසය ශරීරගත වූ ගර්භනී කාන්තාවන්ට උපදින දරුවන්ගේ මොළය වර්ධනය අඩු වීමේ අවදානමක් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිකා වෛරස් ආසාදනය සම්බන්ධව ලොව පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.