IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දීය ජාතිකයන් මුදාගැනීම සඳහා ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් වූහාන් බලා පිටත් විය. ඉන්දීය ජාතිකයන් රැගත් එම යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ගුවන් තොටුපොළේ දී එම පිරිස මූලික පරීක්ෂාවකට ලක් කෙරුණි. මුදාගත් පිරිසෙන් වැඩි දෙනා සිසුන්ය. ඉන් අනතුරුව ඉන්දීය හමුදාවේ මැදිහත්වීමෙන් එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට රැගෙන යන ලදි. දිල්ලිහි ඉන්දු-ටිබෙට් දේශසීමාවේ එම මධ්‍යස්ථාන පිහිටා තිබේ.

මුදාගත් කිසිවකුත් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතැයි ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
නිරෝධායන මධ්‍යස්ථානවලදී මුදාගත් ඉන්දීය ජාතිකයන් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙන බවත් සති දෙකකට පසු ඔවුන් මුදාහරින බවත් ඔවුහු කීහ.

වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනාගෙන් 211 දෙනකු සිසුන් වන අතර 113 දෙනෙක් වෘත්තිකයෝය.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා හයදෙනකුට ඉන්දියාවට යෑමට චීන ආගමන විගමන නිලධාරීන් අවසර දී නැතැයි චීන බලධාරීන් උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර තිබිණි. ඔවුන්ට වයිරසය ඇත්ද නැත්ද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ සිදු කළ යුතුව ඇත.

වූහාන් නගරයේ ඉතිරි ඉන්දීය ජාතිකයන් පිරිස රැගෙන ඒම සඳහා තවත් ගුවන් යානයක සෙනසුරාදා පස්වරුවේ චීනය බලා පිටත් විය.

හින්දුස්තාන් ටයිම්ස් 

055

 



අදහස් (0)

වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site