වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු කියති.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය නොකර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට ජපන් බලධාරීන්ට දොස් අහන්නට සිදුව තිබේ.
ජපානය වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවමින් එම නගරයේ සිටි 206 දෙනකු ඊයේ (29) මුදාගත් අතර ජපන් ජාතිකයන් රැගත් තවත් ගුවන් යානයක් අද (30) ටෝකියෝ නුවරට ළඟාවිය.
ඊට අමතරව ජපානය තුළින්ම තවත් කොරෝනා ආසාදනය වීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද ජපන් රජය තහවුරු කළේය.
මේ වනවිට 400කට වැඩි පිරිසක් ජපානයෙන් මුදාගෙන ඇති අතර මෙම මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 170 දක්වා ඉහළ ගොස් තිබේ.
වූහාන් නගරයෙන් මුදාගත් පිරිස් රජයට කෘතඥතාව පළ කළ ද ඔවුන් නිසි පරිදි නිරෝධායනය නොකළ නිසා ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව තිබේ.
වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය කිරීමට සැලසුම් නොකරන බවත් එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස්වලට සිටින්නැයි උපදෙස් දුන් බවත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළේය.
බදාදා වූහන් සිට පැමිණි දෙදෙනකු පරීක්ෂණවලට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔවුන් පරීක්ෂණවලට මුහුණදීමට කැමැත්ත පළ කළ බවත් ජපන් බලධාරීහු කීහ.
මේ සියල්ල සමඟ කොරෝනා වයිරසය ආසාදනය වූවන් 14 දෙනකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු තවමත් රෝගා ලක්ෂණ පෙන්වා නැති බවත් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) සඳහන් කළේය.
පසුගිය කාලයේදී චීනයට ගමන් නොකළ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපානය බදාදා (29) අනාවරණය කළේය.
සංචාරක මඟ පෙන්වන්නියක වන ඇය පසුගිය කාලයේදී වූහාන් නගරයෙන් පැමිණි චීන සංචාරකයන් පිරිසකට තම සේවය ලබා දී තිබෙන අතර වයිරසය ආසාදනය වූ එම බස් රථයේ රියදුරු සමඟ එකම බස් රථයේ ගමන් කර ඇති බව ද අනාවරණය. චීනයෙන් පිටතදී කොරෝනා වයිරසය ආසාදන සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වූහාන් නගරයෙන් මුදාගත් තිදෙනෙකුට කොරෝනා වැළදිලා