අධික රථවාහන තදබදයක් ඇති නගර සදහා විසදුමක් ලෙස විදුලි බලයෙන් ධාවනය වන රෝද දෙකේ කුලී රථයක් නිපදවීමට ජර්මන් ඉංජිනේරුවන් සිසුහු පිරිසක් සමත්ව සිටිතිග
සිසුන් පවසන ආකාරයට මෙය නිපදවීමට වැය වන්නේ සාමාන්‍ය ස්කූටරයක් මිලදී ගැනීමේදී වැය කළ යුතු මුදලටත් වඩා අඩු මුදලකි. හැසිරවීමේදී ස්කූටරයක් හා සමානව නම්‍යශීලී වනවා සේම මෝටර් රථයක් හා සමානව ආරක්ෂාකාරී හා සැප පහසු ගමනක් ලබා දීමටද මේ රථයට හැකියාව ඇතැයි ඔවුන් කියයි.
මේ රථය යතුරුපැදියකට ඈදුූ කුටීරයක් වැනිය.ඉදිරිපස කුටීර කොටසේ මගියාට ආසන පහසුකම් සැළැසේ.රියැදුරා සිටිනුයේ පිටුපසිනි.
ඉදිරියේදී මෙය තවත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ඉංජිනේරු සිසුන් පිරිස පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු වුනත් රියදුරු බේරිලා?? මේවා ලංකාවට නම් එවන්න එපා (නි)
විකල්ප බල ශක්ති භාවිතය අපිට වැදගත්. තදබදය පමණක් නොවෙයි, පරිසරය රැකගෙන මුදලුත් ඉතිරි වෙනවා. (නි)
මේවා ලංකාවට ගෙනාවොත් මගියාට දෙවියන්ගේම පිහිටයි. රියදුරාට පොලිසියේ පිහිටයි. (අ)
ත්‍රීවීල් වලින් තියෙන කරදරේ මදිවට මේවත් ආවොත් විනාශයි (නි)
මෙම වාහනය නිෂ්පාදනය කරන ජර්මන් පුතාලට පින්සිද්ධ වේවා! දිනපතා ලංකාවේ සෑම නගරයකම,වාහන තදබදය. ඉන්ධන මිල හිටපු ගමන් වැඩිකරන්නේ.රෝද 3 නම් තවත් හොඳා! නිෂ්පාදනය කරන පළවෙනි 100 කොහොමහරි ලංකාවට එවන්න පුතා.ගණන කිසිදු ගැටළුවක් නොවේ. (නි)
කෝ පොටෝ.(නදී)