වූහාන් නගරයෙන් මුදාගන්නා ඇමෙරිකානු ජාතිකයන් 1,000කට නවාතැන් පහසුකම් ලබාදීමට ඇමෙරිකානු හමුදා කටයුතු කරනු ඇතැයි එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙබරවාරි 29 වැනිදා වනතෙක් හමුදාවට අයත් මෙම ස්ථාන එලෙස මුදාහරින බව ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එම නගරයේ විදේශිකයන් දහස් ගණනක් සිර වී සිටින අතර ඔවුන් මුදාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. වූහාන් නගරයෙන් තම ජාතිකයන් මුදාගත් මුල්ම රටවල් දෙක වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානයයි.

එම පිරිස් හුදකලා කර නිරෝධායනය කිරීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය ද ඒ අතර වේ.
මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 300කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදනය වූ පිරිස 14,000 ඉක්මවා ගොස් ඇත.
වූහාන් නගරයෙන් මුදාගන්නා සහ කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ ආසාදනය වූ හෝ ඇමෙරිකානු ජාතිකයන් කැලිෆෝනියාවේ සහ ටෙක්සාස්වල ගුවන් හමුඳා කඳවුරුවලත් කැලිෆෝනියාවේ ‘මරීන් කෝප්ස්’ ගුවන් කඳවුරේ සහ කොලොරාඩෝහි පුහුණු ආයතනයේත් රඳවා තබන බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
ආරක්ෂක අංශවලින් හමුදා සහාය දෙන්නැයි ඉල්ලා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවයි. නිරෝධායනය කිරීම, ඊට යොමු කරන පිරිසගේ වගකීම, ප්‍රවාහනය සහ ආරක්ෂාව බාරව කටයුතු කරනු ඇත්තේ ද සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවයි.
වූහාන්වලින් මුදාගත් 195 අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනයට ලක් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු පසුගිය සිකුරාදා පැවැසූහ.
ඇමෙරිකානුවන් රැගත් ගුවන් යානය බදාදා කැලිෆෝනියා හි රිවර්සයිඞ් පිහිටි ‘මාර්ච් එයාර් රිසව් බේස්’ ගුවන් තොටුපොළට ළඟා විය. එම යානය තුළ චීනයේ සේවය කළ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද වූහ.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර ඇත. ඊට අමතරව පසුගිය සති දෙකක කාලයේදී චීනයට ගමන් කළ විදේශිකයන්ට ඇමෙරිකාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට ද එරට බලධාරිහු පියවර ගත්හ.
මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන අතර ඇමෙරිකාවෙන් පමණක් කොරෝනා වයිරසය ආසාදනය වූ සිදුවීම් අටක් වාර්තා වී තිබේ.
(ඒ.එෆ්.පී.)
055
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වූහාන්වලින් මුදාගත් ඇමෙරිකානුවන් 1000කට නවාතැන් පහසුකම්