අධ්‍යාත්මික සුවය පතා පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදෙන සංගමයක් ගැන වාර්තා වන්නේ ජපානයේ ටෝකියෝ නුවරිනි.

බෙන්ජියෝ සොවුජර් නම් මේ සංගමයේ සාමාජිකයෝ 35 ක් පමණ සිටිති.කුඩා ළමෝද සාමාජිකයන් අතර වෙති.සෑම සති අන්තයකම කොසු,ඉදල්,පිරිසිදුකාරක බෝතල අතින් රැගෙන පාරට බහිනා මොවුන් යන්නේ නගරයේ ඇති පොදු වැසිකිළි සොයාගෙනය.ඒවා ඉතා හොදින් පිරිසිදු කිරීමටත් මොවුන් සමත්ය.

හතලිස් පස් වියැති මසායුකි මගෝම් මෙම අපූරු සංගමයේ නිර්මාතෘවරයායි.වැසිකිළි යනු පිළිකුළ දනවන තැනක් හෝ විහිළුවට ලක් කළ යුතු තැනක් නොවේ යැයි ඔහු කියයි.වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදීම භාවනාවක් වැනි යැයි කියන ඔහු එමගින් අධ්‍යාත්මය සුවපත් වනවා සේ දැනෙන්නේ යැයි පවසයි.මෙය තමා පමණක් නොව තම සංගමයේ සාමාජිකයන්ද මුලූමනින්ම එකග වන කරුණක් බව ඔහු සදහන් කරයි.

‘‘මල පහ කියන්නේ අපේ ශරීරයෙන්ම පිටවෙන දේවල් නේ? ඉතින් ඒවා පිළිකුල් සහගත වන්නේ කොහොමද? අපි වැඩිහිටියන්. අප දැනට සිටිනවාට වඩා පරිණතව හිතන්න  ඕනේ කියන එකයි මගේ හැගීම.අපත් එක්ක කුඩා ළමයිනුත් වැසිකිළි පිරිසිදු කිරීමට එනවා.මේවා ඔවුන්ටත් ආදර්ශයක්.ලොකුම දේ මේ පිරිසිදු කිරීමේ කාර්යයයෙන් අපගේ මනස නිදහස් වනවා වගේ දැනීම.හරිම සැනසීමක් දැනෙන්නේ වැසිකිළියක් හොදින් පිරිසිදු කරලා අහවර වුනාම සංගමයේ සාමාජිකයනුත් ඒකට එකගයි.ඒකනේ හැම සති අන්තයකම

ඔවුන් එන්නේ‘‘ යැයි මසායුකි පවසයි.

පවුල් වල උදවිය නම් මෙයට කිසිදු කැමැත්තක් නොදක්වන බව කියන මසායුකි අදටත් තමා සති අන්තයේදී නිවසින් එළියට බහින විට තම බිරිය අනුන්ගේ වැසිකිළි පිරිසිදු කිරිමේ යනවායැයි කියමින් දොස් පවරන බව පවසන්නේ සිනාමුසුවය.