සෞදි අරාබියේ නිවසක වසර දෙකහමාරක පමණ කාලයක් ගෘහ සේවිකාවක ලෙස රැකියාව කරමින් බොහෝ පිඩාවට පත් ශ්‍රී ලාංකික කතක් අවම තරමින් ටොපියක් හෝ නොමැතිව මේ වනවිටත් ගුවන් මගින් ශ්‍රී ලංකාවට යමින් සිටින බව වාර්තාවේ .
මෙසේ දැඩි පීඩනයකට පත්වී මව්බිම බලා පැමිණෙමින් සිටින්නේ ගම්පොළ සෞදි අරාබියේ නිවසක රැකියාවකට පැමිණි සිව් දරු මවකි. ඇය පවසන්නේ පැමිණි දින සිට අනේක දුක් ගැහට විඳිමින් එම නිවසෙහි දිනකට පැය දොළහක් පමණ කාලයක් බැල මෙහෙවර කම් කළද නිවසෙහි සාමාජිකයින් සුපිරි ආහාර පාන අනුභව කළත් තමාට ඉතිරිවෙන රොටි කැබැල්ලක් පමණක් දෙන බවත් ඇය කියන්නීය. දවසින් වැඩි කාලයක් නිරාහාරව සිටීමට සිදුවන බවත් කාන්තාවකට අවශ්‍ය සබන් ෂැම්පු හෝ කිසිදු දෙයක් නොලැබෙන බවත් අසනීපයක් වූ විටද අනුකම්පාවකින් තොරව වැඩ කිරීමට බල කරන බවත් ඇය සඳහන් කළාය.
මේ පිලිබදව විදෙස් කාර්යාංශයට කිහිපවරක් පැමිණිලි කළද පලක් නොවූ බව පවසන මෙම කාන්තාව පවසන්නේ වසර දෙකහමාරකට පසු එනම් සඳුදා රාත්‍රී (1) හදිසියේ ගුවන් තොටුපොළට රැගෙනවිත් අබුඩාබි හරහා ලංකාවට යන ලෙස පවසා මුදාහළ බවයි. අඩුම වශයෙන් තම දරුවන් හට ටොපියක් පවා ගැනීමට වෙළඳ සලකට රැගෙන නොගිය බවද තමා මවුබිමට යන්නේ වසර දෙක හමාරකට පෙර ලංකාවෙන් රැඟෙන ආ තම ඇදුම ඇඳගෙන බවද පවසන්නේ ඇය කඳුළු වගුරවමිනි.
සඳුදා අලුයම 4. 20 ට දමාම් සිට මවුබිම බලා පැමිණෙමින් සිටීන ඇය මෙම ලිපිය ලියන මොහොතේත් අබුඩාබි ගුවන් තොටුපොළේ රාත්‍රී 7.55 ලංකාවට ගොඩ බසින ගුවන්යානය පැමිණෙන තෙක් ගතකරිමට සිදුවෙන බවද කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙවියනේ මේ මොන අපරාධයක්ද? (නි)
කෝ මේ විදේශ සේවා එක ? අපේ සල්ලි මංකොල්ල කන්න විතරද මෙයාල ගුවන්තොටුපළට වෙලා ඉන්නේ ? මෙහෙම අහිංසකයෙකුටවත් උදව්වක් නැතිනම්කේ ඕක වහල දමන්න තියෙන්නේ (බ)
දහදිය හිදෙන්න ඉස්සෙලා වේතනය ගෙවන්න කියලා තමා පොතේනම් තියෙන්නේ. (ම)
විදේශ සේවා එක කියන්නේ පිස්සො ඉන්න තෑනක් (බ)
මෙවැනි අවස්ථා වලදී සේවකයා විදේශ ගත කළ ඒජන්සිකරු සියලු අලාබහයන් ගෙවිය යුතු බවට නීති සකස් කළහොත් පමණක් මෙවැනි අකටයුතු නවතීවි. නමුත් නීති හදන එතුමන් ඒජන්සි කරුවනට ආදරය නිසා එවැනි නීති සකසන්නේ නැත. (බ)
කෝ මේ රන්ජන් ,එයා විරුද්ධ පක්ෂේ ඉන්නකොට මේවට කැගැහුව වගේ ඇහුන ඒදවස්වල . දැන් රජු වුනහම ඔක්කොම අමතක වෙලාද? (බ)
මේ පිළිබද විදේශ අමාත්යාංශයෙන් ප්‍රශ්න කර අගතියට පත් පාර්ශවයට සුදුසු වන්දියක් ලබා දීමට කටයුතු කළ යුතුය. තවද අහිංසක ජීවිත සමග සෙල්ලම් කරන නිලධාරින්ට/නිලධාරිනීන්ට එරෙහිව කටයුතු කළ යුතුය (බ)
අපි මොනතරම් ආඩම්බර ජාතියක් වෙලා හිටියද ? කොන්ද පණ නැති පිරිමි නිසාත් ලැබෙන දේ අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න නොදන්නා කම නිසාත් අහස උසට සිහින මාලිගා තනන නිසාත් අපේ අපේ මවුවරු සහෝදරියන් කී දාහක් මෙවන් විපත් වලට පත් වුනාද ? කී දෙනක් ජීවිතෙන් වන්දි ගෙවුවද ? එහෙත් අපි තාමත් පාඩමක් ඉගෙන ගත්තද ? (බ)
ඇය විදේශ සේවා රක්ෂණ හිමිකාරියක් නම් ඇයට වන්දියක් හිමිවිය යුතුයි.එයාල ඉන්නේ විදේශ ගතවෙන අයගෙන් හිතු හිතු විදියට මුදල් අයකරගන්න විතරද ?(අ)