IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ

ලෝකයේ ප‍්‍රධානතම ආර්ථිකශක්තිය හිමි කියන රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද ඊයේ (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරදී ආරම්භ විය.

එනිස්කිලන් නුවර පිහිටා ඇත්තේ බි‍්‍රතාන්‍ය අයර්ලන්ත දේශසීමාවට යාබදව සුන්දර විලක් අසළය. සමුළුව පැවැත්වෙන බව වාර්තා වීමත් සමඟ විරෝධතාකරුවන් 2,500 කට වැඩි පිරිසක් එනිස්කිලන් බලා පැමිණි බව වාර්තා විය.
සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8,000 යෙදවීමට, උතුරු අයර්ලන්ත රජය පියවර ගෙන තිබුණි. ඊට අමතරව තවත් දහසක පමණ පොලිස් බලඇණියක් ද සීරුවෙන් තැබුණි. කලහකාරීව හැසිරුණු 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.
ජී 8 සමුළුව සෑම වසරකට පැවැත්වෙන අතර ඊට සමඟාමීව විරෝධතා ද පැවැත්වෙයි. මීට වසර කිහිපයකට පෙර ජී8 සමුළුවට සහභාගී වූ විරෝධතාකරුවන්ගේ ගණන 10,000 ක් විය. එහෙත් අද එය 2,000 තෙක් අඩු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් බාධාවකින් තොරව සමුළුව ඊයේ දිනයේ පැවැත් වුණු අතර එය අද (18) අවසන් වෙයි.
සමුළුවට ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, චීන ජනාධිපති සිං ජියැපින්, රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්, ජපන් අගමැති ෂෙන්සෝ අබේ සහ තුර්කි අගමැති එන්රිකෝ ලෙටා සහභාගී වෙති.
ජී 8 නායකයන්ගේ සාකච්ඡුාවට බඳුන් වූයේ සිරියානු අර්බුදය, ගෝලීය ආහාර අර්බුදය සහ ආර්ථික අර්බුදය ගැනය. සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සහාය දෙන්නේ සිරියා කැරැුලිකරුවන්ටය. මේ වනවිට ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියා කැරැුලිකරුවන්ට ආයුධ දී ශක්තිමත් කිරීමටය.
සෙසු ලෝක බලවතුන් වන රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටයි.
2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන මේ වන විට 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් තෙවැනි ලෝක මහා සංග‍්‍රාමය නිර්මාණය වනු ඇතැයි කියාය.



අදහස් (0)

විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ

නිල්මිණි Tuesday, 18 June 2013 01:57 PM

කොහොමද තුර්කිය ආර්ථික ශකිත්ය තිබෙන හොදම රටවල් අතරට එන්නේ? මීට වැඩිය කොච්චර ආර්ථික දියුනු රටවල් ඕනෑ තරම් තියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site