විරෝධතාකරුවෝ පන්සියයකට වැඩි පිරිසක් ඊයේ (22) ලිබියාවේ බෙන්ගාසී නුවර පිහිටි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කඩා වැදුණහ. ගඩාෆි මරා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. විරෝධතාකරුවන් කඩා වැදුණු අවස්ථාවේදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභපති අබ්දුල් ජලීල් ද මූලස්ථානයේ සිටි බව පැවැසෙයි. විරෝධතාකරුවෝ අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසටය. කෙසේ නමුත් එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් වහා එහි පැමිණ ජලීල් එම ස්ථානයෙන් ඉවතට ගත් බව ද වාර්තා වේ. ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීමේ අරමුණින් තව නොබෝ දිනකින් මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. මේ අතර මුස්ලිම් ෂරියා නීතිය ලිබියාවේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින්ද දහස් ගණනක් ඉස්ලාමීය බැතිමත්හු  පෙරේදා (21) ටි‍්‍රපොලි අගනුවරත් බෙන්ගාසි නුවරත් දැවැන්ත ජන රැලි පැවැත්වූහ. එම ජන රැුලිය සංවිධානය කර තිබුණේ ලිබියානු ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සහ ආගමීක කණ්ඩායම්ය. කුරාණයේ පිටපත් අතින් ගත් තරුණ මහලූ බොහෝ දෙනකු එම රැලියට සහභාගී වූ බව වාර්තා විය. විරෝධතාකරුවෝ පාලක මණ්ඩලයේ සභාපති වටකරගනිමින්....