වාර්තාවක් තැබීමට ගොස් ඉතාලියේ අධිවේගී බෝට්ටු ධාවන ශූරයෙකු වන ෆැබියෝ බුසී මියගොස් ඇත.
ඔහුගේ අධිවේගී බෝට්ටුව කෘත්‍රීම ගල් පරයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් දෙදෙනකු ද මියගොස් ඇතැයි වාර්තා වේ. වැනීසිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.
76 හැවිරිදි බුසී මහතා සිය බෝට්ටුව පැයට කිලෝමීටර් 148ක වේගයෙන් ධාවනය කර ඇති බවත් තරඟය නිමා කිරීමට සුළු මොහොතක් තිබියදී යාත්‍රාව ගල් පරයේ හැපුන බවත් සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd