IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වයඹ දිග සිරියාවේ ගැටුම්වලින් 150,000 ක් අවතැන්

වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් පසුගිය සතියක කාලයේදී 150,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (7) නිවේදනය කළේය. 

සිරියානු රජයේ හමුදා සහ රුසියාව ජිහාද් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇතැයි වාර්තා වේ. 

කලක් අල් කයිඩා සංවිධානයේ මිත්‍ර සංවිධානයක්ව පැවැති හයත් තහ්රිර් අල් ෂාම් (එච්.ටී.එස්) සංවිධානය සිරියානු රජයේ සහ රුසියානු හමුදා එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් වාර්තා වේ. හයත් තහ්රිර් අල් ෂාම් සංවිධානය රෝහල් 12කට සහ පාසල් 10කට ද ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. 

ජිහාද් සටන්කාමීන්ගේ බල ප්‍රදේශයක් වන ඉඞ්ලිබ් ප්‍රදේශය රුසියාවේ හමුදාවල දැවැන්ත ප්‍රහාර හමුවේ වුවද ආරක්ෂා කරගැනීමට ඔවුහු සමත්වූහ. රුසියානු හමුදාවලට අමතරව, සිරියානු රජයේ හමුදා සහ තුර්කියේ සහාය හිමි කැරැලිකරුවෝ ද ජිහාද්වාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරති. 

කෙසේ නමුත් හයත් තහ්රිර් අල් ෂාම් සංවිධානය පසුගිය ජනවාරි මාසයේදී ඉඞ්ලිබ් ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ සිටින මිලියන තුනක් පමණ සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. 

අඟහරුවාදා එල්ල වූ ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල වූ අටවැනි දිනය එය යැයි ද එම සංවිධානය පැවැසීය. 

ඒ.එෆ්.පී ඇසුරිනි 

055



අදහස් (0)

වයඹ දිග සිරියාවේ ගැටුම්වලින් 150,000 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site