විභාග වංචා වැළැක්වීම සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හවේරිහි භගට් පූර්ව විශ්වවිද්‍යාල ආයතනයේ පැවති රසායන විද්‍යා විභාගයකට සහභාගී වූ සිසුන්ගේ හිසට කාඩ්බෝඩ් පෙට්ටි පළඳවා ඇතැයි වාර්තා වේ.
සිසුන් පෙට්ටි පැළඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රචාරය වීම හේතුවෙන් ඉන්දීය පාසල් නිලධාරියෙකුට සමාව ඉල්ලීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.
මෙම ක්‍රමය භාවිතා කිරීමට සිදුවීම සම්බන්ධව කනගාටු වන බවත් මෙය සිදුකළේ අත්හදාබැලීමක් ලෙස බවත් එම නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ. සිසුන්ගේ ද කැමැත්ත ඇතිව එම ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර පෙට්ටි සිසුන් ම ගෙනවිත් ඇතැයි ද සඳහන් වේ.
" සිසුන්ට කිසිම ආකාරයකින් බල කළේ නැහැ. සමහර සිසුන් පෙට්ටි පැළඳ ගත්තේත් නැහැ. සමහරු සුළු වේලාවක් පැළඳ සිට ගැලවූවා" යැයි බලධාරීන් පවසා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචා එ් තරමටම? ඉතින් ඔයවගේ කට්ටිය උපාධි එහෙම අරගෙන ඇවිල්ලා තමයි අපිට උපදෙස් දෙන්නේ. අපේ අයත් මහා ඉහළින් පිළිගන්නේ. අපේ රටේ උපාධි හෑල්ලු කරන්නේ...
මේ වගේ ගොන්හරක් වැඩ තමයි ඉන්දියාවේ නම් කරන්නේ...
ඉන්දියන් හොර උපාධිකාරයන් කොච්චර ඉන්නවද... මේ ගල්ෆ් වල...