වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස්ගේ අවමංගල කටයුතු ඉකුත් සිකුරාදා (8) රාජ්‍ය ගෞරව සහිතව පැවැත් වුණු අතර, උප ජනපති ධුරයේ සිටි නිකලස් මදුරෝ එදින සවස එරට භාරකාර ජනපති ලෙස දිවුරුම් දුන්නේය.
වෙනිසියුලාවේ ජනපතිවරණය ලබන අපේ‍්‍රල් මස 14 වැනිදා පැවැත්වෙන බව ද දිවුරුම් දුන් අවස්ථාවේදී මදුරෝ පැවැසීය.
චාවේස්ගේ අභාවයෙන් පසු දින 30 ක් ඇතුළත දී ජනපතිවරණයක් පවත්වන බව වෙනිසියුලානු රජය නිවේදනය කළේ ඉකුත් 7 වැනිදාය.
ඒ අනුව අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේ දී චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන මදුරෝට විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.
|
මදුරෝ දිව්රුම් දෙමින්... |
2025 නොවැම්බර් මස 21
168
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1108
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙයි
වෙනුර Monday, 11 March 2013 11:53 AM
චාවේස්ගේ අඩිපාරේම ඔබටත් යන්නට හැකිවේවා! (නි)
අමිල කටුනායක Monday, 11 March 2013 12:19 PM
ජය වේවා පෙම්බර මදුරෝ! (නි)