IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘වනුආටු‘දූපතේ භූ කම්පාවෙන් හානියක් නෑ

ශාන්තිකර දූපතක් වන වනුආටු දූපත්වලට බදාදා, එනම් අද (22) පෙරවරුවේ රික්ටර් මාපකාංක 6.7 ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් බලපෑවේය.

එහෙත් සුනාමි අනතුරු ඇඟවීම් කිරීමක් සිදු වූයේ නැති අතර භූ කම්පනයේ ගැඹුර කිලෝමීටර 30ක් ලෙස සටහන් විය. එහි අපිකේන්ද්‍රය ජනගහනය ඉතා අඩු වනුවාටු දූපත්වලට අයත් ඇම්බි්‍රම් දූපතේ පිහිටි බව ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

භූ කම්පනයෙන් කිසිදු සුනාමි අවදානමක් නැතැයි ශාන්තිකර සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කළේය.

භූ කම්පනයෙන් පසු කුඩා පසු කම්පන ඇතිවීමේ අවදානමක් ඇතැයි සඳහන් කළ බලධාරිහු ප්‍රබල පසු කම්පන ඇතිවිය හැකි යැයි ද කීහ.  

උදෑසන බලපෑ භූමිකම්පාවෙන් හානි සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි වනුවාටු ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කළේය.

වනුආටු යනු 280,000 කට ආසන්න ජනතාවක් ජීවත් වන රටකි. ඊට අයත් දූපත් සංඛ්‍යාවක 65කි. වනුආටු ලොව ස්වභාවික ආපදාවලට මුහුණ දීමේ වැඩිම අවදානමක් ඇති රටක් ලෙස සැලකේ.

ඒ.එෆ්.පී

(055)



අදහස් (0)

‘වනුආටු‘දූපතේ භූ කම්පාවෙන් හානියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site