එංගලන්තයේ ඔක්ෆෝර්ඩ්ෂයර් හි ඩිඩ්කොට් නමැති විදුලි බලාගාරයක පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනකු අතුරුදන් වී ඇත.

මේ වනවිටත් ගුවනින් හා ගොඩබිමින් ගලවා ගැනීමේ කණ්ඩායම් යවා ඇති බව ද වාර්තා වේ.

තේම්ස් වැලි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වී ඇති බවත් සජීවී දර්ශන ලැබෙමින් පවතින බවත් හානිය කොතෙක් ද යන්න මෙතෙක් කිව නොහැකි බවත් මෙම පිපිරීම සම්බන්ධ විශේෂ විකාශයක් ආරම්භ කර ඇති බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පිපිරීමක් සිදුව ඇති බවත් පෙදෙසම දුහුවිලි වලින් වැසීගොස් ඇති බවත් ඒ ආසන්නයේ සිටින පුද්ගලයන් ට්විටර් පණිවිඩ මගින් දන්වා ඇත.

මේ විදුලි බලාගාරයේ තිබූ විශාල සිසිලන කුළුණු තුනක් 2014 වර්ෂයේ දී ඉවත් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.