විඥානයේ ඇතිවන සිතුවිලි රූපවාහිනී තිරයක් මතට ගෙන ඒමට බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත.
තම අරමුණ වන්නේ මිනිස් සිතුවිලි පටිගත කිරීමේ ක්‍රමයක් සොයාගැනීම බව ඔවුන් කියයි.
මේ සඳහා වන එක් පර්යේෂණයකදී පුද්ගලයෙකුට චිත්‍රපටයක් නරඹන්නට ඉඩ දී එහි අන්තර්ගත රූපරාමු ඔහුගේ විඥානයේ සිතුවිලි පරිදි වෙනස් කිරීමට අවස්ථාව ඇති කිරීමට පර්යේෂක පිරිස සමත්ව තිබේ.
චිත්‍රපටය නරඹමින් සිටියදී නරඹන්නාගේ හිසට සවිකර තිබූ විශේෂ උපකරණයකින් ඔහුගේ මොළයෙන් ජනනය වූ තරංග ග්‍රහණය කරගැනීමට සමත්වූ ඔවුන් ඒවා විශේෂ මෘදුකාංගයක් ආධාරයෙන් චිත්‍රපටයේ දර්ශන වෙනස් කරවීම සදහා යොදාගෙන ඇත.
එක් අවස්ථාවකදී අඳුරු පැහැයෙන් වූ චිත්‍රපටයේ පසුබිම එය නරඹමින් සිටි තැනැත්තාගේ මොළයේ තරංග වලට අනුව යළි සකස් කෙරුණු පසු ආලෝකවත් වී තිබෙන අයුරු දැකගත හැකිවිය.
දැනට යොදාගත්තාක් මෙන් චිත්‍රපටයක් නැරඹීමට ඉඩදී නොව කෙලින්ම සිතුවිලි පටිගත කළ හැකි ක්‍රමයක් දක්වා මෙය දියුණු කළ හැකි බව පර්යේෂක පිරිස පෙන්වා දේ.
එය සාර්ථක වුවහොත් සිහින පවා පටිගත කර පසුව නැරඹීමට මිනිසාට හැකිවනු ඇතැයි ඔවුන් මත පළකරයි.


COMMENTS
විද්‍යාව ධර්මයක් බවට පත්වේගෙන යන බවක් දැනේ....(බ)
බොරු කතා. කරන්න බැරි දේවල්. (බ)
දැන් හැමදේම දැන ගන්නවා.(හේ)
මේ අය විඥානය ගැන නොදැන විඥානයේ හැටි හොයනවා. (ස)
දවල් හීන. (හේ)
මේ මිනිසුන්ට වෙන හොයාගන්න දේවල් නැද්ද මන්දා? අපේ බිරියට මේ එකක් අහුවුණොත් මම ඉවරයි. (නි)
මල කෙලියක් වෙන්න යන්නේ. ලංකාවේ කට්ටියගේ ඔලුවේ තියෙන ඒවා පවුලේ කට්ටිය එක්ක එකට වැඩිවෙලා නරඹන්න අමාරු වෙයි කියලයි මට හිතෙන්නේ. (හේ)