යමක් හපන විට හනු ක්‍රියාත්මක වීමෙන් විදුලිය ලබාගත හැකි උපකරණයක් නිපදවීමට කැනඩාවේ ඉංජිනේරුවෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙය යම් දිනක ශ්‍රවණාබාධිත උපකරණවල බැටරි ඇතුළු අනිකුත් කුඩා විද්‍යුත් උපකරණවලට මහත් රුකුලක් වනු ඇති බවයි. එවැනි උපකරණවල බැටරි භාවිතය අවමකැරගත හැකියැයි ඔවුහු කියති.
කැනඩාවේ මොන්ට්‍රියල් තාක්ෂණික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු ආචාර්ය ඒඩ්න් ඩෙල්නෙවාස් හා ආචාර්ය ජෙරම් වොයික්ස් මෙය නිපදවා ඇත.
ඔවුන් පවසන්නේ මුඛයේ හනුවල චලනයෙන් ස්වභාවික ශක්තිය නිපදවිය හැකි බවයි. එම ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවන උපකරණයක් ඔවුන් නිපදවා ඇත. මෙමගින් නිපදවිය හැකි විද්‍යුතය ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඉන් ජංගම දුරකථන ආරෝපණය කළ නොහැකි බව ද ඔවුහු කියති.
මෙය තවතමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේය. එය වැඩිදියුණුකැර වඩාත් ප්‍රායෝගික නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුවින්ගම් සහ බුලත් කන අයට නම් සුබ ආරංචියක් (නදී)
අපේ රටේ නිතරම බුලත් විටක් හපන අයට නම් ඔන්න හොඳ වැඩක්. මොකද නිතරම විදුලිය නිපදවන්න පුළුවන්. (නි)