චීනයේ රෝහලක දී එක් පුද්ගලයකුගේ වකුගඩුවක තිබී ගල් 420ක් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ෂිජැංග් හි ඩුන්හැන්ග් රෝහලේ දී මේ සැත්කම සිදුකැර ඇත. ඒ සඳහා පැය දෙකක කාලයක් ගත වූ බවත් වෛද්‍යවරු කියති.

ටොෆු නමින් හඳුන්වන කැල්සියම් අධික ආහාරයක් දීර්ඝකාලයක් භාවිතා කිරීම හා ජලය අඩුවෙන් පානය කිරීම හේතුවෙන් ඔහුගේ වකුගඩුවේ මෙපමණ ගල් සංඛ්‍යාවක් හටගන්නට ඇතැයි වෛද්‍යවරු කියති.

චීනයේ වෛද්‍යවරුන් විසින් කරණලද සැත්කමකදී එක් පුද්ගලයෙකුගේ වකුගඩුවක තිබි ගල් 420 ක් ඉවත් කල බව විදෙස් මාධ්‍ය වාර්තාවක දැක්වේ. සෝයා නිෂ්පාදනයක් වන එම ආහාරයේ ජිප්සන් අඩංගුය. එහි අන්තර්ගත කැල්සියම් මිනිස් බහිස්‍රාවීය ක්‍රියාවලිය මගින් සිරුරෙන් ඉවත්කිරීමටනම් ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය මතයයි.

තද උදර වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ රෝගියා ස්කෑන් පරීක්ෂණයකට ලක්කිරීමේ දී පෙනීගොස් තිබුණේ ඔහුගේ දකුණු පැත්තේ වකුගඩුව ගල්වලින් පිරී ඇති බවයි. වෛද්‍යවරු පවසන්නේ තව කාලයක් ගියානම් වකුගඩුව ඉවත් කිරීමට සිදුවන බවයි.