ඉන්දියාවේ ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක ආරක්ෂක නීතියකට එරෙහිව වසර 16 ක් තිස්සෙ පවත්වාගෙන ආ උපවාසය අද (9) අවසන් කළාය. 

නිල නියෝගයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඇතැම් අවස්ථාවලදී ඕනෑම අයකුට වෙඩි තබා මරා දැමීමට හමුදාවට විශේෂ බලය ලබාදීමට එරෙහිව ඇය වසර දහයක කාලයක් උපවාසයේ නිරත වූවාය. මෙය ලොව දීර්ඝතම උපවාසය ලෙස හැඳින්වෙයි. 

සිරගත කිරීමෙන් අනතුරුව ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර දශකයකට වැඩි කාලයක් නාසය තුළින් යැවූ බටයක් මඟින් බලහත්කාරයෙන් අහාර දෙනු ලැබිණි.

පසුගිය වසර 16 න් වැඩි කොටසක් ඇය ගත කළේ මනිපූර් හි ඉම්පාල් රෝහලේය. 

ඇය සිය උපවාසය අවසන් කරමින් පැණි බිඳක් පානය කළ අතර ඇය ඉදිරියේදී ප්‍රාන්ත මැතිවරණය ඉදිරිපත් වනු ඇතැයි ද පැවසේ. 

ඬේලිමේල් ඇසුරිනි

_90710129_b9113c3e-da5e-49cc-93b3-70f9607586de