ලොව උසින් තෙවැනි කඳු පන්තිය ලෙස සැලකෙන නේපාලයේ පිහිටි කන්චෙන්ජුන්ගා කන්ද තරණය කිරීමට ගිය පස් දෙනකු අතුරුදන්ව ඇතැයි නේපාල බලධාරීහු පවසති.
කඳුකරය ආශි‍්‍රතව පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම පිරිස සෙවීමේ කටයුතු අඩාල වී ඇතැයි නේපාල ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
හන්ගේරියානු ජාතිකයන් දෙදෙනකු නේපාල ජාතිකයන් දෙදෙනකු හා කොරියානුවකු මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ. කන්චෙන්ජුන්ගා කඳුකරය මුහුදු මට්ටමේ සිට අඩි 28,162ක උසින් යුක්තය.