IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි

ලිබියානු ජාතික අන්තර්වාර රජයේ මෙන්ම කැරැලිකාර පාර්ශ්වයේ ද නායකයා වන මොහොමඞ් ජිබ්රිල් පෙරේදා (12) ටි‍්‍රපොලි නුවර සිට ජාතිය ඇමැතුවේය. ඉදිරි දින 10 ඇතුළත දී ලිබියාවේ නව රජයක් පිහිටුවන බවත් ඒ සඳහා සෑම ලිබියානුවකුගේම සහාය අවශ්‍ය බවත් මොහොමඞ් ජිබ්රිල් එහිදී කියා සිටියේය. ලිබියානු නව රජයේ අගමැති ධුරයට පත් වීමට නියමිතව ඇත්තේ මොහොමඞ් ජිබ්රිල්ය. ඔහු ගඩාෆි රජයේ හිටපු අධිකරණ ඇමැතිවරයකු වන අතර ලිබියා කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී කැරැලිකරුවන්ට නායකත්වය දුන්නේය. පිහිටුවීමට සූදානම් වන එම නව රජයට ලිබියාවේ සෑම පළාතක්ම සහ ගෝත‍්‍රයක්ම නියෝජනය කරන ආකාරයට නියෝජිතවරුන් ඇතුළත් වනු ඇතැයි ටි‍්‍රපොලි අගනුවරට පැමිණ සිටින මොහොමඞ් ජිබ්රිල් පවසයි. කැරැලිකරුවන් සහ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය මේ වනවිටත් ලිබියාවේ බෙන්ගාසි නුවර කේන්ද්‍රකොට ගනිමින් නව රජයක් පිහිටුවා ඇති අතර බටහිර රටවල් එය ලිබියාවේ නීත්‍යානුකූල රජය ලෙස පිළිගෙන තිබේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් කරමින් කියා සිටියේ තමන් ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය පිහිටුවන රජය ලිබියාවේ නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නා බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටීන් ලගාද් මේ බව කියා සිටියේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු ‘ජී 8’ සමුළුවේදීය. ලිබියාවේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ටි‍්‍රපොලි අගනුවරට එවන බවද ඇය කීවාය.



අදහස් (0)

ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site