IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෙඩා රෝහලෙන් ඇද දමයි

වසර තුනක්  තිස්සේ රෝහල තම නිවස කරගෙන සිටි නිරෝගී රෝගියෙක් එළියට ඇද දැමීමට චීනයේ බීජිං නුවර පොලිසිය කටයුතු කළේය.

මෙම පුද්ගලයා පාදයේ ආබාධයක් ඇතැයි කියමින් රෝහල් ගතව තිබෙන අතර වෛද්‍යවරුන් ඔහුට නිසි ප‍්‍රතිකාර කර නිවස වෙත යෑමට කටයුතු සළස්වා දී ඇත.

නමුත් තම පාදය රිදුම් දෙනවා යැයි කියමින් තමන් රැක බලා ගැනීම රෝහලේ වගකීම යැයි පවසමින් ඔහු දිගටම රෝහලේ රැදී සිට තිබේ.

තම එකම දරුවාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම පවා මෙම පුද්ගලයා මගහැර ඇත.

2012 වසරේ සිට වෛද්‍ය ගාස්තු ගෙවීම අතපසු කිරීම නිසාවෙන් ඔහු ගැන සොයාබැලීමද වෛද්‍ය කාර්යමණ්ඩලය අත්හැර දමා තිබී ඇත.රෝහලෙන්ම කමින්,රෝහලෙන්ම බොමින්,රෝහලෙන්ම නාගනිමින් ඔහු ගතකරන මේ ජීවිතය තවත් බලා සිටින නොහැකි තැන රෝහල් පාළනාධිකාරිය අධිකරණයේ පිහිට පතා තිබේ.

ඔහු ඉවතට ඇද දැමීමට අධිකරණය දුන් නියෝගය අනුව මෙසේ ඔහුව එළියට ගැනීමට බීජිං පොලිසිය පසුගියදා කටයුතු කළේය.

තමන් පිටතට ගැනීමට යන බව දැන මේ පුද්ගලයා යදම් වලින් සිරුර ඇදට තබාගෙන බැදගෙන සිටියේය.ඔහු ගලවා ගත නොහැකි තැන ඔහුව ඇඳ පිටින්ම එළියට යැවීමට පොලිසියට සිදුවිය.

එළියට ඇද දැමුණු පසුවද නැවත නැවතත් රෝහල වෙත යෑමට මෙම පුද්ගලයා උත්සාහ කළේය.අවසානයේ මහා හඩින් හඩා වැළපෙමින් ඔහු තම නිවස පිහිටි පෙදෙස කරා ගමන්කරනු දැකගත හැකිවිණි.

hospital-addict2-550x365 hospital-addict-550x365

 

 



අදහස් (0)

ලෙඩා රෝහලෙන් ඇද දමයි

සොයිසා Tuesday, 17 February 2015 02:32 PM

එයා පවු නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 19 February 2015 08:38 PM

ඇයි මේ ඕනෑම කුණු ගොඩකට අපේ රට ඇදගන්නේ? මතකද ඉස්සර ගුවන් විදුලියේ ප්‍රචාරය වුණ සින්දුව !! "සහල් සලාකය නොමිලේ - රෝහල් පහසුව නොමිලේ අධ්‍යාපනයද නොමිලේ ලැබෙන රටක් වෙන කොහේද// " (නි)

:       0       0

ආනන්ද Wednesday, 18 February 2015 10:36 AM

සමහර රජවරු වගේ. (අ)

:       0       0

ගයානි Thursday, 19 February 2015 11:31 AM

ලැජ්ජා නැතිකම සහ ලෝබකම (නි)

:       0       0

අලුත්රත්න Thursday, 19 February 2015 03:47 AM

මෙයාට ලංකාවේ සම්බන්ධයක් තිබෙනවා වගේ (නි)

:       0       0

ඇසළ Tuesday, 17 February 2015 10:21 AM

අපේ දේශපාලුවෝ වගේ එලෙව්වත් යන්නේ නැහැ. පැරදුනත් එල්ලිලා ඉන්න තමයි බලන්නේ. අඩු ගානේ කියක් හරි ගන්න සංස්ථාවක සභාපති කමක් වත් ලැබෙයිද කියා බලන්නේ.

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 04:08 AM

මේ වගේ දන්සල් කියලා හිතලා රෝහල්ගත වන අය මෙහෙත් ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13496 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site