තම අතට පරිගණක චිපයක් බද්ධ කරගෙන සිටිනා පුද්ගලයෙකි" ජර්මන් ජාතික ටිම් කැනන්.

මෙම පරිගණක චිපය ටිම් සතුව ඇති පරිගණකය හා රැහැන් රහිතව සම්බන්ධ වේ.එසේ වූ විට පරිගණක තිරය මත දර්ශනය වන්නේ ටිම්ගේ ශරීර උෂ්ණත්වය,හෘද ස්පන්ද වේගය ආදී කරුණුය.හදිසියේවත් ශරීර උෂ්ණත්වය හෝ හෘද ස්පන්ද වේගය ඉහළ ගියහොත් චිපයේ සවිකර ඇති එල්.ඊ.ඩී. බල්බ දැල්වෙන්නට පටන් ගන්නේ චිපය බද්ධ කර ඇති සම ප්‍රදේශයේ එළියෙන් නහවමිනි.මෙම පරිගණක චිපය ජවගැන්වීමට එහිම වන විදුලි කෝෂයක්ද ඇති අතර එය ආරෝපණය කෙරෙන්නේත් රැහැන් රහිතවය.

මෙම චිපය නිර්මානය කර ඇත්තේ ටිම් කැනන් මය.එය තම අතට බද්ධ කර ගැනීම සිදුකරගෙන ඇත්තේත් ඔහුමය.ටිම්ට අනුව මේ එළැඹ ඇත්තේ මිනිසාටම තම තමන්ගේ සිරුරු වැඩිදියුණු කර ගැනීමේ යුගයයි.මෙම චිපය බද්ධ කර ගැනීම ආරම්භය පමණක් බවත් ඉදිරියේදී තම සිරුරට තව තවත් අංගයන් බද්ධ කර ගැනීමට සැළසුම් කර ඇති බවත් ඔහු කියයි.

මිනිස් හා රොබෝ සංකලනයක් වන ‘සයිබෝර්ගයෙක්‘ බවට පත්වීම ටිම්ගේ අරමුණයි.තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නේ නම් මිනිස් සිරුරේ දුබලතා සියල්ල මගහරවාගෙන තමන්ට සදා අමරණීය වීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

මෙම චිප වෙළදපොළට නිකුත් කිරීමටත් ඔහු බලාපොරොත්තුවෙන් සිටින අතර අවශ්‍ය පුද්ගලයින් වෙතොත් තමාම සැත්කම කර ඒවා බද්ධ කර දීමට ඉදිරිපත් වන බව ඔහු කියයි.

ටිම්ගේ මෙම ‘සයිබෝර්ග්‘ අනුවර්තන ක්‍රියාදාමය ලොව ඊළග විලාසිතාව වීමට ඉඩ තිබේයැයි විචාරක අදහසයි.