IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝක විනාශය ගැන කටකතා පතුරමින් චීන කොමියුනිස්ට් පාලනය පෙරලීමේ තැතක්

මායා දිනදර්ශනය පිළිබඳ වැරැදි අර්ථකථන දෙමින් අද දින ලෝක විනාශය සිදුවන බවට චීනය තුළ අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ දහසක් චීන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. සර්වබලධාරී දෙවියන් නමැති අන්තවාදී ආගමික කල්ලියකට අයත් සාමාජිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ලෝක විනාශය පිළිබඳ නොයෙක් කටකතා චීන වැසියන් අතර පැතිරවීමට කටයුතු කළ මේ පිරිස කොමියුනිස්ට් පාලනය පෙරළා දමන ලෙස සිය අනුගාමිකයන්ට පවසා ඇති බව ද වාර්තා වේ. ලෝක විනාශය පිළිබඳ තොරතුරු දැක්වෙන නොයෙක් සටහන් සහිත පති‍්‍රකා, වීඩියෝපට, පොත් සහ වෙනත් උපකරණ රැසක් මොවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති බවද චීන ආරක්ෂක අංශ පවසයි. අද සිට තෙදිනක් පුරා ලෝකයේ අඳුර පැතිර යන බවත් එම කාලය තුළ චීන කොමියුනිස්ට් පාලනය පෙරලා දැමීමට කටයුතු කළ යුතු බවටත් ජනතාව අතර වැරැදි තොරතුරු ප‍්‍රචාරය කිරීමට මෙම කල්ලිය පියවර ගෙන තිබේ. 2012 නැමති හොලිවුඞ් චිත‍්‍රපටය තිරගතවීමෙන් පසු ලෝක විනාශය පිළිබඳ නොයෙකුත් මත චීන සමාජයේ ආගමික කල්ලි අතර පැතිරෙන්නට විය.  



අදහස් (0)

ලෝක විනාශය ගැන කටකතා පතුරමින් චීන කොමියුනිස්ට් පාලනය පෙරලීමේ තැතක්

අජිත් Saturday, 22 December 2012 06:40 PM

එහෙම කරලාහරි පෙරළන්න හදන්නේ රටට සෙතක් නැති නිසා වෙන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site