ශී‍්‍ර ලංකා ශ‍්‍රමිකයෙකු තමන් සමග නවාතැන් ගෙන සිටි පකිස්තාන ජාතිකයෙකුගේ ඇගිල්ලක් සපාකෑමේ සිදුවීමක් පසුගියදා ඩුබායිහි අපරාධ අධිකරණයේදී විභාගයට ගැනිණි.

වාර්තා වලට අනුව පසුගිය ජූනි මස 28 වැනිදා නවාතැනේදී ඇතිවූ හබයක් දුරදිග යෑමෙන් ශී‍්‍ර ලංකා ජාතිකයා තම පකිස්තාන ජාතික කාමර සගයාගේ දබරැඟිල්ල සපා කා ඇත.

එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බව පකිස්තාන ජාතිකයා පොලිසියට කර ඇති ප‍්‍රකාශයක දැක්වේ.

සපා කෑමෙන් සිදුවූ හානිය නිසාවෙන් ඇගිල්ල සදාකාලික ආබාධිත තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය වාර්තා වල සඳහන්ය.

අධිකරණයේදී තම වරද පිළිගත් ශී‍්‍රලංකා ජාතිකයා තමන් වැඩිදුර සිතා බැලීමකින් තොරව එසේ හැසිරුණු බව පැවසුවේය.නීති විරෝධීව මත්පැන් පානයේ යෙදුණු බවටද ඔහු පාපොච්චාරණය කළේය.

නඩුවේ තීන්දුව මෙම මස 24 වැනිදාට ලබාදීමට නියමිතය.