IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොක්පාල් පනතට විරෝධය පළකළ හසාරේ වෛද්‍ය උපදෙස් මත උපවාසය අත්හරී

දූෂණ හා වංචා මර්දන පනත රජයට වාසි වන ආකාරයෙන් සම්මත කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළැයි විරෝධය පළ කිරීම සඳහා ප‍්‍රබල ගාන්ධි අනුගාමිකයකු වන අන්නා හසාරේ (74) ආරම්භ කර තිබූ උපවාසය වෛද්‍ය උපදෙස් මත අතහැර දමා ඇතැයි මුම්බායි ආරංචි මාර්ග කියා සිටී. ඉන්දීය පාලක රජයට හිතැති පිරිස් සිදු කරන දූෂණ හා වංචා ගැන එම රජය සොයා නොබලන්නේ යැයි චෝදනා කළ හසාරේ මීට මාස කීපයකට පෙරද උපවාසයක් ආරම්භ කළේය. ඊට සවන්දීමක් වශයෙන් ඉන්දීය රජය දූෂණ හා වංචා මැඩලීමේ පනතක් මුලින්ම පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එය ලොක්පාල් පනත යනුවෙන් නම්කර තිබුණි. එම පනත සම්මත කර ගැනීමට ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතරය නොලැබුණු හෙයින් අදාළ පනත් කොටුම්පත පහළ මන්ත‍්‍රී මණ්ඩලය වෙත යවන ලදී. එම පනත රජයට වාසිසහගත වන අයුරින් සකස්කර ඇති බවට මැසිවිළි නැඟූ අන්නා හසාරේ පසුගිය 22 දා නැවත උපවාසයක් ඇරඹීය. ඒ අතරතුර පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය ලොක්පාල් පනත පසුගිය අඟහරුවාදා සම්මත කර ගත්තේය. තමාගේ අධික රුධිර පීඩන තත්ත්වය හා වකුගඩුවලට සිදුවිය හැකි බලපෑම් නිසා උපවාසය අතරමග නතර කළ බව හසාරේ වාර්තාකරුවන්ට පැවසීය. මෙම පනත ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය ලවාද සම්මත කර ගැනීමට, තම රජයේ හවුල්කාර පක්‍ෂ හා විපක්‍ෂය සමග සාකච්ඡා කරමින් සිටින බව උප ඇමැති වී. නාරායන සාමි පැවසීය. එම ජන්ද විමසීම ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබුණි.



අදහස් (0)

ලොක්පාල් පනතට විරෝධය පළකළ හසාරේ වෛද්‍ය උපදෙස් මත උපවාසය අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31282 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13474 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10991 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site