ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති ධුරය වෙනුවෙන් තරග වදින ප‍්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන කොංග‍්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි සහ විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි අතර ද්වන්ධ සටන පෙරේදා (27) ඇරැඹිණි.

පාලක කොංග‍්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි සහ  විපක්ෂ නායක  මෝඩිගේ මංගල ජන රැලි පෙරේදා පැවැත්විණි.

රාහුල් ගාන්ධිගේ මංගල ජන රැුලිය පැවැත්වුණේ නවදිල්ලි නුවරය. මෝඩිගේ රැලිය පැවැත්වුණේ බිහාර් ප‍්‍රාන්තයේ පැට්නා නුවරය.

මෝඩිගේ රැලිය ඉලක්ක කර ගනිමින් කුඩා බෝම්බ පහක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 20 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති අතර, ඒ ගැන පරීක්ෂණ දිගටම සිදුවෙයි.

පැය කිහිපයකට පසු, ආරක්ෂාව තර කිරීමෙන් අනතුරුව ජන රැලිය පැවැත්වුණු අතර පක්ෂ  ආධාරකරුවන් අමතමින් මෝඩි කියා සිටියේ, තම ඉදිරි ජයග‍්‍රහණ නැවැත්වීමට කිසිම බලවේගයකට හැකියාවක් නැති බවය.