නැගෙහිර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සූප වේදියකු මොහොතකින් පැහැය වෙනස්වන අයිස් ක්‍රීම් වර්ගයක් සොයාගෙන ඇත. මැනුවෙල් ලිනෙයාස් (37) නමැති ඔහු පවසන්නේ ස්වභාවික පළතුරු උපයොගී කරගනිම්න මේ අයිස් ක්‍රීම් වර්ගය නිපදවූ බවයි.
‘එක්ස්මෙලන්‘ යනුවෙන් නම්කැර ඇති මේ අයිස්ක්‍රීම් වර්ගය නිල් පැහැය ගන්නා අතර යමකු එය රසවිඳීමට පටන්ගන්නා විට තත්ත්පර 10ත් 15ත් අතර කාලයක දී තද රෝස පැහැයක් ගනී. ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් මෙහි විද්‍යාත්මක පදනම ගැන සොයා බලා ඇත. ශීතකරන ලද අයිස්ක්‍රීම් වර්ගයක ඇති උදාසීනවය, ඝනත්වය හා රළු බව ගැන විශ්ලේෂණය කළ භෞතික විද්‍යාඥයන් පවසන්නේ මෙලෙස වර්ණය වෙනස්වන නවත ම අයිස්ක්‍රීම් වර්ගය සෞඛ්‍යාරක්ෂිත අතුරුපසක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුස්සගේ මොනවා හරි දෙයකුත් අඩංගුද දන්නේ නැහැ (නදී)