සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියා අගමැති වැල්ද්මීර් පූටින් උපදෙස් දී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කරයි.

සිරියාවේ මෙහෙයුම්වල සිය ඉලක්ක සපුරාගෙන අවසන් බැවින් මෙම තීරණය ගත් බව පූටින් කියා ඇත. සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජය රුසියාව සමග සමීපතම සබඳතා ගොඩනගා ගත් අතර කැරළිකරුවන්ගේ ප්‍රහාර හමුවේ අසාද් රජය බිඳ වැටීමේ අවදානමක පැවැති සමයේදී රුසියාව සිය හමුදා සිරියාවට යවා මාස හයක මෙහෙයුම්වලින් පසු කැරළිකරුවන් මර්දනය කළේය.

රුසියා හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අසාද් රජයද අනුමත කර ඇතැයි එරට වාර්තා කියයි.