IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියා ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට

අඟහරු ග‍්‍රහයාගේ ‘පෝබෝස්’ චන්ද්‍රයා ගවේෂණයට ගොස් මඟ වැරදුණු රුසියා ගවේෂණ යානය පෙරේදා (15) යළි පෘථිවියට පැමිණි අතර පෘථිවි වායුගෝලයේදී විනාශ වී ගිය යානයේ සුන්බුන් දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යයට නුදුරින් පැසිෆික් සාගරයට කඩා වැටුණි. රුසියා විද්‍යාඥයන් මුලින් අනුමාන කළේ යානයේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වනු ඇතැයි කියාය. ෆෝබොස් - ග්රන්ට් මාර්ස් යනුවෙන් නම් කළ එම ගවේෂණ යානය පසුගිය නොවැම්බර් මස 8 වැනිදා අඟහරු බලා පිටත් කර හැරුණි. එහෙත් ඊට අඟහරු බලා යන නිසි ගමන් මඟට පිවිසීමට නොහැකි වී පෘථිවි කක්ෂයේ සිර විය. එය යළි පෘථිවියට කඩා වැටුණේ ඉන් පසුවය. ටොන් 14 ක් බර යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ පසු අධික තාපය හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර මුහුදට කඩා වැටුණේ කැබැලි කිහිපයක් පමණි. මීට පෙරද මේ අයුරින් උඩුගුවනට යැවුණු අභ්‍යවකාශ යානා මෙන්ම අභ්‍යවකාශ නැවැතුම්පොළ දෙකක් ද පාලනය කර ගත නොහැකිව පොළොවට කඩා වැටී තිබේ. 2003 දී ටොන් 100ක් බර කොලම්බියා අභ්‍යවකාශ ෂටලය ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කාන්තාරබද ප‍්‍රදේශයකට කඩා වැටුණි. 1979 වසරේ දී ටොන් 85 ක් බර ස්කයිලැබ් අභ්‍යවකාශ නැවැතුම්පොළ ඔස්ටේ‍්‍රලියාවේ කාන්තාර ප‍්‍රදේශයකට කඩා වැටුණි. 1991 දී ටොන් 44 ක් බර සැල්යුට් 7- කොස්මොස් 1686 අභ්‍යවකාශ නැවැතුම්පොළ කඩා වැටුණේ ආජන්ටිනාවටය. 1979 දී පෙගසස් 2 අභ්‍යවකාශ යානය අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු අතර පසුගිය වසරේ එනම් 2011 දී බස් රියක් තරමට ලොකු ටොන් 6 ක් බර යූඒආර්එස් චන්ද්‍රිකාව පැසිපික් සාගරයට කඩා වැටුණි.  පෝබෝස් යානය අඟහරු චන්ද්‍රයා වෙත යැවීමට සූදානම් කර තිබියදී...



අදහස් (0)

රුසියා ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site