රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි මහා විරෝධතා රැළියක් සංවිධානය කළ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් කිහිප දෙනකුගේ නිවාස ඊයේ (11) හදිසි සෝදිසි කිරීමකට ලක් විය. ආයුධ සන්නද්ධ පොලිස් බලඇණි කිහිපයක් හදිසියේ නිවෙස්වලට කඩා වැදී පැය කීපයක් සෝදිසි මෙහෙයුම්වල නියැළුණු බව රුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි. විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් වන ඇලෙක්සි නවෝල්නී, ඉල්යා යාසීන් සහ සර්ගේ යුඩෝල්ට්සෝව්ගේ නිවෙස්වලට ද පොලිසිය කඩා වැදී ඇතැයි වාර්තා වේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන නවෝල්නී සහ යුඩෝල්ට්සෝව් මීට පෙර අවස්ථා කීපයකදී විරෝධතා රැළි සංවිධානය කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූහ. සමාජ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කළ විරෝධතා සංවිධායකයන් කිහිප දෙනකු හඳුනාගෙන ඔවුන්ගේ නිවාස හදිසි වැටලීමකට ලක් කළ බව මොස්කව් පොලිසිය පවසයි.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට NGO ඩොලර් කාක්කෝ එහෙත් ඉන්නවා එහෙනම්
තමන්ගේ රටට ආදරේ නැති දුෂ්ඨයින්ට දඩුවම් කිරීමේ කිසිම වැරැද්දක් නෑ