2019 වර්ෂයේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලිතියම් අයන කෝෂ වැඩිදියුණු කිරීම සම්බන්ධව කටයුතු කළ විද්‍යාඥයින් තිදෙනකුට හිමිව ඇත.
ජෝන් බී. ගොඩනව්, එම්. ස්ටැන්ලි වයිට්හැම් හා අකිරා යොෂිනෝ එම සම්මානලාභී විද්‍යාඥයින් තිදෙනාය.
පවුම් 738000 ක මුදල් ත්‍යාගය මෙම විද්‍යාඥයින් තිදෙනා අතර බෙදී යනු ඇත.
ඇමරිකානු ජාතික 97 වියැති මහාචාර්ය ගොඩනව් නොබෙල් ත්‍යාගය ලබන වයසින් වැඩිම පුද්ගලයා ලෙස ඉතිහාස ගතවේ.
වයස අවුරුදු 77ක් වන වයිට්හැම් මහතා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
ජපානයේ ඔසාකා නගරයේ උපත ලබා ඇති යොෂිනෝ මහතා 71වන වියේ පසුවේ.
ආරෝපණය කලහැකි සැහැල්ලු නමුත් ප්‍රබල විද්‍යුත් කෝෂ, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක හා විදුලි මෝටර් රථ වැනි උපකරණ වල ප්‍රවර්ධනයට බොහෝ සෙයින් උපකාරී වූ අතර එය එම ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වී ඇතැයි නොබෙල් සම්මාන කමිටුව පවසයි.
තොරතුරු සන්නිවේදනයට, අධ්‍යයනයට, සවන් දීමට සහ දැනුම ගවේෂණයට මෙම සැහැල්ලු විද්‍යුත් උපාංග ලොව පුරා භාවිතා කරන බවද ඔවුහු පවසති.
(බීබීසි ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට
jayath Thursday, 10 October 2019 10:54 AM
මේ තාක්ෂණය දියුණු වෙන වේගය බැලුවාම නුදුරේදීම සමහරවිට කාර්යක්ෂමතාවය 88% - 90% වන බැටරි හදාවි.. එ්කත් එක්කම ගැසලින් මෝටර්රථ ධාවනයෙන් ඉවත් වේවි...!!!