ප්‍රංශයට රසායනික හෝ ජෛවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බව ප්‍රංශ අගමැති ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පසුගියදා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‍තවාදී ප්‍රහාරයෙන් පසුව රටේ පනවා ඇති හදිසි නීතිය තුන් මසකට දීර්ඝ කිරීම සම්බන්ධව විවාදයකට එක්වෙමින් ප්‍රංශ පාර්ලිමේන්තුවේදී අගමැති මැනුවල් වැල්ස් මහතා මේ බව පවසා ඇත.

බෙල්ජියම් පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි. බදාදා පැරීසිය අවට සිදුකරන ලද මෙහෙයුම් වලින් ප්‍රහාරයේ නායකයා බවට සැක කරන පුද්ගලයා මිය යන්නට ඇත්දැයි යන්න ස්ථිර වශයෙන්ම කිව නොහැකි බව ප්‍රංශ බලධාරීන් පවසයි.