වයඹදිග  ඕස්ටේ‍්‍රලියාවට ආසන්න මුහුදු කලාපයේ වර්ධනය වෙමින් පවතින ‘රස්ටි’ සුළිකුණාටුවට අද (28) රට තුළට ඇතුළුවීමට නියමිත හෙයින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමනාකරණ බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටී.
පැයට කිලෝමීටර් 165 ක වේගයකින් හමායන  මෙම සුළිකුණටුව වයඹදිග  ඕස්ටේ‍්‍රලියානු භූමියට ඇතුළුවීමත් සමඟ ධාරාණිපාත වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා අංශ අනතුරු අඟවයි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා වරායයන් රැසක කටයුතු නවතා දමා ඇති අතර ප‍්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට  ඕස්ටේ‍්‍රලියානු බලධාරීහු පියවර ගත්හ.