කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව රාවුල් කස්ත්‍රෝ කියයි. කියුබානු කොමියුනිස්ට් පක්ෂය කස්ත්‍රෝ පවුල සතුව පැවැතියේ දශක 6 ක් තිස්සේය.
පසුගිය දා පැවැති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අමතමින් 89 හැවිරිදි රාවුල් කියා සිටියේ, නව පරම්පරාවට සුදුසු නායකයකුට ඉඩ දෙමින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවය. පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද විමසුමෙන් සිදුවනු ඇත.
1959 කියුබන් විප්ලවයෙන් පසු, කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙමින් පක්ෂය මෙහෙයවීම කළේ රාවුල්ගේ සොහොයුරු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝව ය.
2018 වසරේ සිට කියුබාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, මිගුවෙල් දියේස් කැනැල් ය. කැනැල් කියුබානු ජනාධිපති ධුරයට තෝරා ගැනීම සිදුවුයේ රාවුල්ගේ කැමැත්ත පරිදිය. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව, කැනැල් ට හිමිවනු ඇතැයි පැවැසෙයි.
රොයිටර්
COMMENTS
අපේ ජන නායකයින් නම් කිසිදා විශ්‍රාමයක් ගැන සිතන්නේ නැත. ඔවුන්ගේ අදහස මිය යන තුරුම බලයේ රැදී සිටීමයි. ඒ ඇතැම් විට ජනතා සේවයට ඔවුන්ගේ ඇති කැපවීම නිසා විය යුතුයි..
කියුබාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ