IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රූප පෙට්ටියේ තරු වැහි වැහැලා

මේ දිනවල ශී‍්‍ර ලංකාවේ මොන රූපවාහිනී චැනලය කැරකූවද ඇත්තේ‘‘තරුය‘‘.‘‘නටන තරු‘‘ ‘‘ගයන තරු‘‘ ‘‘හමුදා තරු‘‘ ආදී මෙකී නොකී තරු එමටය.ශී‍්‍ර ලංකාව වැනි කුඩා රටක මෙසේ නම් ලොව අන් රටවල තත්තවය කෙසේ ඇත්ද?.එම රටවලත් පායන්නේ රගන ගයන නටන තරුමද?.

නැත. හාස්‍යයේ සිට ඉහළ බුද්ධිමය තලයන් දක්වා විවිධාකාරයේ තරු වැඩසටහන් ලොව පුරා රටවල විකාශය කෙරේ.මේවා රැගුම් ගැයුම් වලින් ඔබ්බට ගිය තරු වැඩසටහන් වල නව සීමා ආක‍්‍රමණය කරන ඒවාය.

මේ එවැන්නන්ට උදාහරණ කිහිපයකි’

1.ජපානය - ජනපි‍්‍රයම නාවික භටයා තේරීම

මෙම තරු වැඩසටහන අලූතින්ම පටන් ගත්තකි.වැඩසටහනේ අරමුණ ජපන් නාවික හමුදාවට ඇති ප‍්‍රතිරූපය ජනතාව අතරට ගෙනයාමයි.තරගතරුවන්ට තම රැගුම් ගැයුම් හැකියාවන් පමණක් පෙන්වා නැවතීමට ඉඩක් නැත.පිහිනුම්,වෙඩි තැබීම්,ගුවන් යානා හා නෞකා පැදවීම් ඇතුළු කි‍්‍රයාකාරකම් වලින් සන්නද්ධ තරග වට වලට පෙනී සිට නරඹන්නන්ගේ ඉහළම ප‍්‍රසාදය දිනා ගත යුතය.

2.මැලේසියාව - යන්ග් ඉමාම්

2010 වසරේදී ආරම්භ කෙරුණු මෙම රූපවාහිනී රියැලිටි වැඩසටහන ඇමරිකා එක්ස් ෆැක්ටර් වැඩසටහනේ මැලේසියානු ආකෘතිය යැයි කීමේ වරදක් නැත.ඉස්ලාමික ඉගැන්වීම් තේමා කරගනිමින් නිර්මාණය කෙරී ඇති මෙම වැඩසටහනෙන් තෝරා ගැනෙන්නේ ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලට ආදර්ශයක් වන තරුණයාවය.ලිවීමේ හා කියැවීමේ තරග ඉසව්,ප‍්‍රායෝගික පරීක්ෂණ - උදා - ඉස්ලාමිය ඉගැන්වීම් වලට අනුව මළ සිරුරක් භූමදානය සදහා සූදානම් කරන ආකාරය,කුරානයේ පාඨ මතකයෙන් කීම ආදී අභියෝගයන්ට මුහුණ දීමට තරගකරුවන්ට සිදුවේ.ජයග‍්‍රාහකයාට මක්කම වන්දනාවේ යෑමට සියළු පහසුකම් නොමිලයේ පිරිනැමෙන සංචාරයක්,සෞදි අරාබියේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට ශිෂ්‍යත්වයක්,මැලේසියාවේ මුස්ලිම් පල්ලියක රැකියාවක් ආදිය පිරිනැමේ.

3.දකුණු කොරියාව - හෙලෝ බේබි

පිට පිට හත්වැනි වරටත් කි‍්‍රයාත්මක වන මෙම අපූරු රූපවාහිනී වැඩසටහනේදී සිදුවන්නේ දකුණු කොරියාවේ නම ගිය සංගීත කණ්ඩායම් වලට කුඩා දරුවෙකු හෝ කුඩා දරුවන් කිහිපදෙනෙකු රැක බලා ගැනීමේ වගකීම පැවරීමයි.මෙහිදී සංගීත කණඩායම් වල සාමාජිකයින්ට ‘‘තරු‘‘ තත්ත්වයෙන් ‘‘පොළවට‘‘ බැස වැඩකටයුතු කිරීමට සිදුවේ.ඉවුම් පිහුම්,ආදී දරුවා හොදින් රැකබලාගැනීමට සිදුවිය යුතු සියලූ කටයුතු පැවරෙන්නේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ටය.වැඩසටහන අවසානයේ නරඹන්නන්ගේ ප‍්‍රසාදය දිනා ගත් හොදම ‘‘මව‘‘ හා හොදම ‘‘පියා‘‘ තෝරා ගැනේ.

4.දකුණු අපි‍්‍රකාව - සැක්ටිඞ්

‘‘සැක්ටිඩ්‘‘ (අපි‍්‍රකානා භාෂාවේ වදනකි - තේරුම ‘‘නියමිත කාලය‘‘ හොදම මාධ්‍යවේදියා තෝරා ගැනීමේ අරමුණින් නිර්මාණය වූවකි.එක් තරග වාරයකට මාධ්‍යවේදීන් වීමේ උන්නදුව ඇති තරුණ තරුණියන් 13 දෙනෙකු තෝරා ගැනේ.නොයෙකුත් සිදුවීම් පසුපස හඹා යමින් එය ජන හදට දැනෙන සේ වාර්තා කිරීමේ අභියෝගය ඔවුන් මත්තේ ඇත.ජයග‍්‍රාහකයාට දකුණු අපි‍්‍රකාවේ ජනපි‍්‍රය සගරාවක් වන ‘‘හුයිස්ජෙනූට්‘‘ හි ස්ථීර මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීමේ අවස්ථාව හිමිය.

5.එක්සත් අරාබි එමීර් රාජ්‍යය - මිලියන්ස් පොයෙට්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රියැලිටි වැඩසටහන් අතුරින් ජනපි‍්‍රතම වැඩසටහන වන මෙම වැඩසටහනෙන් තෝරා ගැනෙන්නේ හොදම කවියා හෝ කිවිදියයි.ගැයෙන්නේ ගීත නොව තරගකරුවන් හා තරගකාරියන් පබදින කවිය.මෙම වැඩසටහන අබු ඩාබිහි සංස්කෘතික උරුමයන් පිළිබඳ අධිකාරියේ අධික්ෂණය යටතේ කි‍්‍රයාතමක වන අතර වැඩසටහනේ අරමුණ අරාබි කාව්‍ය කලාව නව පරපුරට හදුන්වාදීමය.

2010 වසරේදී මෙම වැඩසටහනේ ජයග‍්‍රහණය දිනාගත්තේ හිසා හිලාල්ය.ඇය ඉදිරිපත් කළ ඉස්ලාමිය අන්තවාදීන් ගැන ලියැවුණු කාව්‍යය අරාබියේ මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන්ද අවධානය දිනා ගැනීමට සමත් වුනි.ඇයට මරණ තර්ජන පවා එල්ල වූ බව සැළය.

තවත් බොහෝ ඇත.තරු වැඩසටහන් යනු හුදෙක් රැගුම් ගැයුම් වලට සීමා නොවූවක් බව හොදින් පෙනේ.අප රටටත් මෙවන් වැඩසටහන් උදාහරණයට ගනිමින් විදේශයන්ගේ සිට ‘‘ආනයනය‘‘ කෙරෙන තරු වැඩසටහන් පස්සේ යනවා වෙනුවට තරු  ඕනෑමනම් ‘‘අපේම‘‘ කියා තරු වැඩසටහනක් ඇති කර ගැනීම යෝග්‍ය නොවන්නේද?.

 



අදහස් (0)

රූප පෙට්ටියේ තරු වැහි වැහැලා

ප්‍රබත් මෙල්බෝර්න් Sunday, 20 October 2013 10:08 PM

ඔය වගේ ඒවා ඉතින් තියෙනවා තමා...දැන් කව්රු හරි නැහැ කිව්වද...ඕව තිබ්බට ඉතින් ලෝකේ කොහෙත් ජනප්‍රිය ඇමෙරිකන් අයිඩ්ල් නැත්තන් එක්ස් ෆැක්ටර් වගේ සින්දු නැටුම් තියෙන තරග තමා ... ලංකාවෙත් ජනප්‍රිය වෙන්නේ ඒ ජාතියේ ඒවා තමා ... ඉතින් එකේ තියෙන වැරැද්ද මොකද්ද.අඩුම ගානේ රටට මහලොකු වැඩක් නැති වුනත් ඒ දිනන කොල්ලෝ කෙල්ලෝ ටික හරි හොඳින් ඉන්නවනේ ....දැන් බලන්නකෝ ශිහාන් .... (අ)

:       0       0

අමිල කටුනායක Monday, 21 October 2013 07:37 AM

මේ විදුලි බිල නිසා මටත් තරු පෙනිලයි ඉන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site