IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රතු කකුළුවනට ඉඩදී දෙපාවෝ ගෙදර කොටුවෙති

පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල  ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමයක් මාර්ග වසා දමා ඇත.

ප‍්‍රදේශය වසා රතු පළසක් ඇතිරුවාක් මෙන් දිස්වන අතර වනයෙන් කකුළුවන් පිටතට පැමිණෙමින් සිටින්නේ ගංගාවක් ගලන්නා සේය.

උහු යුහුසුලූව සයුර කරා ගමන් ගනිමින් සිටිති.

කි‍්‍රස්මස් දූපත් වාසීන් පවසන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසය ආසන්න වන විට මෙසේ කකුළුවන් මුහුදට ඇදෙන බවයිගකකුළුවන් සම්පූර්ණයෙන්ම පාහේ දිවයින වසා ගන්නා හෙයින් ඔවුන් සයුරට යන තෙක් දින කිහිපයක්ම නිවෙස් වලට වී ඉවසා සිටීමට තමන්ට සිදුවන බව ඔවුහු කියති.

මේ කාලය අවසානයේ අලුත ඉපිදෙන කුඩා කකුළු පැටවු තම දෙමව්පියන් හැරදා යළි වනය සොයා සයුරේ සිට යති. කි‍්‍රස්මස් දූපතේ අයිතිය හිමිවන්නේ ඔවුන්ටය.

23A14AD200000578-2855889-The_bright_display_of_natural_wonder_forces_roads_on_the_island_-26_1417450619666 23A14C5A00000578-2855889-_The_speed_with_which_everything_on_the_island_changes_is_incred-28_1417450640306 23A14C8E00000578-2855889-Some_of_the_crabs_can_be_orange_or_purple_in_colour_though_this_-31_1417450667136 23A14C7500000578-2855889-The_incredible_sight_attracts_thousands_of_islanders_to_see_the_-25_1417450609615



අදහස් (0)

රතු කකුළුවනට ඉඩදී දෙපාවෝ ගෙදර කොටුවෙති

නුවන් Wednesday, 03 December 2014 03:21 AM

මේ ගොල්ලන්ට අපේ රටට එන්න කියමු. (නි)

:       0       0

ජානකී Thursday, 04 December 2014 01:57 AM

සෙනරත්, හැමදේටම බටහිරට බනින්න එපා. මම ඉන්නෙත් බටහිර රටක. මෙහෙ මිනිස්සු පරිසරයට පුදුම සැළකිල්ලක් තියෙන්නේ.හොඳට හිතලා බලන්න අපේ රට කෑවේ කවුද කියලා. මෝඩ දේශපාලකයන් අපේ රට විනාශ කළේ. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 03 December 2014 03:45 AM

පරිසරයට සතා සිවුපාවට කොතරම් මිනිසුන් ආදරේද? අපේ පරපුරට මෙතනට එන්න නම් තව සියවස් කාලයක් ගතවේවි (නි)

:       0       0

යශෝධා Wednesday, 03 December 2014 08:15 AM

අපේ අය හිටියා නම් මේ සතුන්ට මොනවා වෙයිද? (නි)

:       0       0

ඇසළ Tuesday, 02 December 2014 03:19 PM

ඕස්ටේ‍්‍රලියාවේ හිටියත් ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි වගේ යන්නේ හරහට මයි. අපේ කකුළුවෝ ජනවාරි 8 වෙනිදායින් පස්සේ යන්නේ කෙලින්.(නදී)

:       0       0

මාලිකා Thursday, 04 December 2014 02:53 AM

ජානකීගෙ කතාව හරියටම හරි. ඒත් වැඩේ කියන්නෙ තවමත් මේ අයට ඡන්ද ලැබෙනවා (නි)

:       0       0

පුබුදු Tuesday, 02 December 2014 04:23 PM

බලන්න ලස්සන දර්ශනයක්. අනික ඒ රටේ මිනිසුන්ගේ ඉවසීම කොච්චර අගේද? අපේ රටේ උනා නම් මිනිස්සු යට කරන් යාවි.(ම)

:       0       0

රජින්ද Wednesday, 03 December 2014 05:06 AM

බලන්න තමන්ගේ භුමිය ගැන දැනීමක් ඇති මිනිස්සු... කොච්චර වාසනාවන්තද? (නදී)

:       0       0

ජයසිරි Tuesday, 02 December 2014 04:47 PM

ජයන්ත බන්ධුලට වඩාඒ වැඩේ ගැලපෙන්නේ ඔයාට. (ස)

:       0       0

රසිකා Wednesday, 03 December 2014 05:09 AM

ලංකාවේ නම් පිටකොටුවේ පේමන්ට් එකේ කකුළුවෝ ටික විකුණයි.(නදී)

:       0       0

නාලක Tuesday, 02 December 2014 05:15 PM

මේවාට අදහස් පළකරන සමහර අයගේ මානසිකත්වය මොන මට්ටමක තියනවාද කියල හිතාගන්න බැ. (ම)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Tuesday, 02 December 2014 05:32 PM

මේ කකුලුවෝ ගොඩ බිමද ඉන්නේ ? (නදී)

:       0       0

බුද්ධි Wednesday, 03 December 2014 05:51 AM

ලංකාවේ වෙසෙන තුන්දෙනාගේ කොමෙන්ටු සහ විදේශික ලාංකිකයාගේ කොමෙන්ටුව අතර වෙනස. (ර)

:       0       0

හැරල්ඩ් Tuesday, 02 December 2014 05:55 PM

ලංකාවේ නම් මොනවා කරයි ද ?(නදී)

:       0       0

ජයසිංහ Wednesday, 03 December 2014 03:10 PM

පරිසර සමතුලිතතාවය ජීවීන්ගේ පැවැත්මට ඉතා වැදගත්. මේ අයුරින් හෝ මෙවන් ජෛව ක්‍රියා වලට ඉඩපහසුකම් සළසා දියහැකි නම් එය සියලු ජීවීන්ගේ පැවැත්මට ඉතා වැදගත්. (නි)

:       0       0

හේසා Wednesday, 03 December 2014 06:15 AM

මෙය කකුළුවන්ගේ ජිවිතයේ එක අංගයක් වෙන්න ඇති. මෙහෙ ඉතින් මුහුදට යන්න කලින් ප්‍රයෝජනයට ගන්නවා ඇති. යුරෝපිය රටවල සතුන්ට දෙන්නේ ප්‍රධාන තැනක් (නදී)

:       0       0

වරුණ Tuesday, 02 December 2014 10:14 AM

අසිරිමත් ස්වභාදහම අදහගන්නත් අමාරුයි (බ)

:       0       0

සෙනරත් Wednesday, 03 December 2014 09:29 AM

බුද්ධි, මමත් රැකියාව කරන්නේ විදේශයක. ඒ වුණත් අපේ රටට අපි ආදරෙයි. මෙහෙම හිතන අය ඉන්නවා. අපේ මුතුන් මිත්තෝ කොතරම් රටට, පරිසරයට ආදරය කළාද? බටහිරයෝ තමෛ මේ සියල්ල වෙනස්කළේ. දැන් තමයි ඔවුන් ඒවායේ අනිසි ප්‍රතිඵල දකින්නේ. දැන් ලෝකෙට කියනවා පරිසරය රකින්න කියලා. අදටත් පරිසරය වනසන අංක එකේ රට මොකක්ද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ජයන්ත දිසානායක Tuesday, 02 December 2014 10:22 AM

මුන්ට මාර්ග නීති කියාදෙන්න ඕන. බන්දුල ගුණවර්ධන ඇරියනම් දුපතට වැඩේ කරාවි. (අ)

:       0       0

උදාරත් Thursday, 04 December 2014 09:40 AM

මුන්ව උයලා කන්න බැරිද (නදී)

:       0       0

කල්ප Wednesday, 03 December 2014 10:03 AM

අපේ රටේ නම් යටකරගෙන යයි. (ර)

:       0       0

දිලිප් Tuesday, 02 December 2014 11:06 AM

අපේ රටේ ඔහොම කරයිද ? එහෙනම් කකුළුවන්ට අබ සරණයි. (අ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 02 December 2014 10:01 PM

ලංකාවේ සංචාරක හෝටල් කට්ටිය එහෙට යැවුවා නම් ඉක්මනින් විසඳුමක් දෙයි. (නි)

:       0       0

චතුරංග Tuesday, 02 December 2014 12:03 PM

කන්න බැරි කකුළුවෝ ජාතියක්ද දන්නනේ? (අ)

:       0       0

කලිල් Tuesday, 02 December 2014 12:31 PM

සොබාධර්මයේ ආශ්චර්යයි මේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 863 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 970 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site