මීට වසර දෙකකට පෙර, කර්නල් මුවම්මාර් ගඩාෆි මරා ඔහුගේ ඒකාධිපති පාලනය නිමා කිරීමෙන් පසු, රට නව සංවර්ධන කි‍්‍රයාවලියකට යොමු වී ඇති අතර එම කටයුතුවලට යම් කිසිවකු අකුල් හෙළන්නේ නම්, එවැනි අයට කිසිදු සමාවක් නොදෙන බව ලිබියානු අගමැති අලී සෙයිඩන්  පවසා ඇත.

රජයට එක් වී සිටින ඇතැම් පක්ෂ පවා, රජයට එරෙහිව යෑමට උත්සහ ගන්නා බවත්, ඔවුන් රජයට පක්ෂපාතී නොවන ආයුධ සන්නද්ධ පිරිස් සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

එවැනි තත්ත්වයක් රටේ පවතිද්දී, නීතිය සහ සාමය සුරැකීම ගැටලූවක් වී ඇතැයි ද අගමැති අලී සෙයිඩන් පෙන්වා දෙයි. මීට දින කිහිපයකට පෙර, සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමකට ලක් වී, පැය කිහිපයකට පසු නිදහස ලැබුවේ ද අගමැති අලී සෙයිඩන්ය.