බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් විලියම් කුමරු හා කේට් කුමරිය අළුත උපන් තම දියණිය සමග කෙන්සින්ග්ටන් මාලිගයට ගියහ. මේ දියණියගේ නම පසුව ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

රාජකීය පවුලේ සාමාජිකයන් සහ ආදිපාදවරියගේ දෙමාපියන්ද කෙන්සින්ග්ටන් මාළිගයට පැමිණෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි. අලුත උපන් රාජකීය කුමරිය බ්‍රිතාන්‍යයේ කිරුල හිමි අය අතර හතර වැනි ස්ථානයේ පසුවෙයි. ලන්ඩන් හි ශාන්ත මේරි රෝහලේදී ඇය මෙළොව එලිය දුටුවාය. කුමරියගේ උපත් බර රාත්තල් 8 අවුන්ස 3 ක් හෙවත් කිලෝ ග්රූම් 3.7 කි.

කුමරිය ඉපදීමට ගෞරව කිරීමක් වශයෙන් ලන්ඩන් හි පාලම සහ ප්‍රමුඛ ස්ථාන දම් පැහැයෙන්  ආලෝකමත් කර තිබේ.

රාජකීයයන් තමන් ජීවත්වන නොර්ෆොල්ක්හි සන්ඩ්‍රින්හැම් වතුයායේ ඇන්මර් ගෘහය වෙත ගමන් කිරීමට ප්‍රථමයෙන්  ඉදිරි දින කිපයේදී කෙන්සින්ග්ටන් මාලිගයේ ගත කිරීමට නියමිතය.

එරට උගතුන් පවසන්නේ අළුත උපන් කුමරියට ඇලිස් සහ චාර්ලට් යන නම් තැබිමට නියමිත යැයි  හෙළිදරව්කර තිබෙන බවයි. දෙවැනි නාමය ලෙස ඔලීවියා, එලිසෙබත් හෝ වික්ටෝරියා වැනි නමක් තැබීමටත් නියමිත බව ප්‍රකාශ වි තිබේ.

Royal baby 1 Royal baby 2 Royal baby 3