IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


රාජකීය බබා ‍ කෙන්සින්ටන් මාලිගාවට යයි

 විලියම් කුමරු හා කේම්බ්‍රිජ් ආධිපාදිවරිය ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල් බැල්කනියේදී සිය කුළුදුල් දරුවා මාධ්‍යවේදීනට පෙන්වුහ.

 දෙදෙනාම වරින්වර  සිනා මුසු මුහුණින්  රජ කුමරා  තුරුලු කරන් සිටියහ.

තවමත් නමක් තබා නැති රජ කුමරා සමග ඔවුහු අගහරුවාදා කෙන්සින්ටන් මාලිගයට ගියහ.

 පුතා  හරියට කේට්  කුමරිය ( අම්මා) වගේ යැයි  විලියම් කුමාරයා වරක් කීවේය.

 විලියම් කුමරුගේ පියා වන චාල්ස් කුමාරයා හා ඔහුගේ බිරිය චාල්ස් කැමිලා බබා ඉපැදී පැය  දෙකකට පසු රෝහලට පැමිණ සිටියහ.

 

අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ්

අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

රාජකීය බබා ‍ කෙන්සින්ටන් මාලිගාවට යයි

රජෙක් උපන්නා...

රජ දරුවා ලැබෙන තුරු රෝහල ළග



අදහස් (0)

රාජකීය බබා ‍ කෙන්සින්ටන් මාලිගාවට යයි

රංග Wednesday, 24 July 2013 06:15 PM

ඔය අතේ දාගෙන ඉන්නෙ අපේ පොළවෙ නිල් මැනිකක් (අ)

:       0       0

කෙවින් Wednesday, 24 July 2013 02:58 PM

සුද්දොන්ට බනින, විදේශ කුමන්ත්‍රණ කියන අපේ ඇමතිලට මේ පින්තුර බලලා ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන්. (නි)

:       0       0

සුසන්ත Wednesday, 24 July 2013 11:32 AM

නෝමල්ද සීසර්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 24 July 2013 03:17 PM

නලින්ට සරල බවකුත් පෙනිලා. සරල බව හොදටම පෙනෙන ෆොටෝ වගයක් මීට කලින් පිටරට පත්තරවල පළවුණා. පස්සේ තහනම් කරා. අනේ නලින් මලයෝ ඔහෙලා ගැන හරි දුකයි.(නදී)

:       0       0

සත්‍යාපාල Wednesday, 24 July 2013 03:29 PM

රජවරු,කුමාරවරු,දෙවිවරු ඉන්නේ එංගලන්තේ මාලිගාවල නොවෙයි තමන්ගේ අහල පහල.තමන්ගේ අම්මා,තාත්තා,සැමියා,බිරිද,දුව,පුතා,රණවිරුවා...... උස මහත එකාට,සල්ලි තියන එකාට,බලය තිබෙන එකාට, හම පාට එකාට, නළුවට,නිලියට වදින එක ලෙඩක්. පොලව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ ..........// (නි)

:       0       0

නදුන් Wednesday, 24 July 2013 11:43 AM

නොර්මල් ද සිසේරියන් ද හම්බ උනේ ?(නදී)

:       0       0

සරසි Wednesday, 24 July 2013 03:40 PM

මම අහල නැහැනෙ සත්‍යපාල ඇත්ත කියනවා (නි)

:       0       0

පොඩී Wednesday, 24 July 2013 12:07 PM

හොද ආදර්ශයක් අපේ අයට. බොහොම චාම් විදියට යන්නේ රජ පව්ලක් වුනාට. (නි)

:       0       0

ඉෂාර Wednesday, 24 July 2013 12:11 PM

අයිශ්චර්යාගෙයි අභිශේක්ගෙයි බබා හම්බුනාට වැඩිය කොච්චර වෙනස්ද?? (නි)

:       0       0

සෑම් Wednesday, 24 July 2013 08:48 PM

සත්‍යපාල මොකද ඔච්චර කේන්ති තමුන්ටත් ඉපදෙන්න තිබ්බේ මේ වගේ රජ පරම්පරාවක එතකොටත් මෙහෙම කියාවිද බලමු. බබාට වාසනාවන්ත අනගතයක් වේවා. හරිම ශෝක් පවුල. ඇත්තෙන්ම අභිශේක්ලට වඩා හොඳා තමා කොහොමත්.(අ)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 12:21 PM

අපේ රටේ නම් කෝටි ගණන් වියදම් කරලා උත්සව 100 විතර ගනියි. නියම ආදර්ශයක් හැමෝටම. සුබ පැතුම් (නි)

:       0       0

මංජු Wednesday, 24 July 2013 12:37 PM

රජ මැදුරේ පමණක් නොව අප ගම් මැදුරේද රජ පැටවූ ඉපදේ (නි)

:       0       0

නලින් Wednesday, 24 July 2013 12:39 PM

බලන්නකෝ ඇයගේ සරලබව... (නි)

:       0       0

නුවන් / තිලාන් Wednesday, 24 July 2013 04:06 PM

සත්‍යපාල ඔබට ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

අෂානි Wednesday, 24 July 2013 04:19 PM

හරිම ෂෝක් තුන්පත් රෑනක්. දිගටම මෙහෙම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න.(නදී)

:       0       0

රුපවති Monday, 29 July 2013 07:30 PM

මේ කොලු පැටියට සුබ පතුවම දෙවියනේ ..කව්ද විස්වාස කරන්නේ ,කියන්නේ එයාට වැන්ද කියල , අනික අපේ උඩගු මනසින් ඔය ඊර්ෂාව අයින් කරගන්න කම් අපිට සෙතක් වෙන් නැහැ , අනික ඔය කොලුවට සුබ පැතුවා කියල දෙවියනේ අපේ ඇගේ කැලි ගැලවිලා බිම වැටෙනවද ..? මමත් සුබ පතුව්ව කියල .. අපේ සිංහල මාමල වගයක් මාව මස්කරගෙන කෑවේ නැතිටික පමණයි ...? පිනට අපි ඊරිසිය කරන්න හොද නැහැ ..? (දී)

:       0       0

වල්ලාවිට Wednesday, 24 July 2013 01:52 PM

වරුණ, මොකුත් ඊර්ෂ්‍යා/අසුබවාදී කතා තියෙනවද කියන්න ඔයාට? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 24 July 2013 05:03 PM

"උනහපුලුවට උගේ පටිය මැණිකක්" කියල පැරණි කියමනක් තිබෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 July 2013 02:03 PM

මේ බබාගේ වාසනාව පියාට බලපායිද බලමු. ජය වේවා! (නි)

:       0       0

අනුර Wednesday, 24 July 2013 10:58 AM

වසනාවන්ත දරුවෙක්.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 24 July 2013 05:19 PM

රජගෙදරක හිට්යා නම් නුඹත් රජෙකි පුතුනේ.(අ)

:       0       0

සත්‍යපාල Thursday, 25 July 2013 01:43 AM

සෑම් උන්නැහේ, මට කේට් ගැන කිසිම කේන්තියක් නැහැ.මට ඔහෙලා ගැන දුකක් විතරයි තිබෙන්නේ.දෙවෙනි කරුන මම ලංකාවේ වැදගත්පවුලකට නෑදෑකම් කියනවා.තුන්වෙනි කරුණ මම ලංකාවට අමතරව ලෝකයේ දියුණුම රටවල් දෙකක පුරවැසියෙක්.ඔය ඉපදුන බබාට පමණක් නොව සතා සිවුපවන්ටත් නිදුක් නිරෝගී බව පතන කෙනෙක් මම.මගේ වෙනස කවුරුහරි මෙයා කුමරියක් කියපු නිසා ඔහෙලා වගේ වදින්නේ නැහැ. නිවටකම සහ දුර්වලකම පෙන්නලා දෙන්න හදනවා විතරයි. (නි)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 11:10 AM

වැඩියේ දගලන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 297 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site