ඇමෙරිකා රොක් සංගීත තරුවක් වන ජැක් බ්ලැක් මිය ගිය බවට පහුගිය දින වල සමාජ ජාල වල දැකගන්නට තිබිණි.
එයට හේතු වුයේ ඔහුගේ සංගීත කණ්ඩායම වන ,ටෙනාසියස් ඩි ,හි නිල ට්විටර් පිටුවේ ඒ පිළිබද පළවූ තොරතුරක් නිසාය.එම පුවතින් ඔහුගේ ප්‍රේක්ෂකයින් මෙන්ම රොක් සංගීතයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් ශෝකයට මෙන්ම විශ්මයට පත්විය.
ජැක් බ්ලැක් මිය ගිය බවට එම පිටුවේ පල වී තිබිණි.
එසේ නමුත් පළවූ එම තොරතුරු අසත්‍ය බවට පසුව එම කණ්ඩායම විසින් ප්‍රකාශ කළේය.එම තොරතුරු පල කර තිබෙන්නේ අනවසරයෙන් ඔවුන්ගේ ගිණුම හැක් කල අයෙකු විසින් බවට ඔවුහු කීවෝය.
බ්ලැක් ජිවතුන් අතර බවත් එම ක්‍රියාව උම්මත්තකයෙක් විසින් කරන ලද නුගත් ක්‍රියාවක් බවත් ඔවුහු ප්‍රකාශ කළහ.මේ බ්ලැක් ඔන්ලයින් ප්‍රෝඩාවකට හසුවූ පළමු අවස්ථාව නොවන අතර මිට දෙවතාවක් ඔහු මිය ගොස් ඇතැයි අන්තර්ජාලයේ වාර්තා පලවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජැක් බ්ලැක් මොන තරම් වැඩකරුවෙක්ද (හේ)