ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පුද්ගලයකු සිය කාරයට සිතා මතා ගිනි තැබීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඔහු එම කාරයට තවදුරටත් කැමැති නොවීම හා අලුත් කාරයක් මිලට ගැනීම සඳහා රක්ෂණ වන්දි ලබාගැනීමේ අරමුණින් එසේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය කියයි.
76 හැවිරිදි ෆිනිස් රේ ජෝර්ඩන් කාරය ගිනි තබා තම කාරය සොරකම් කර ඇතැයි පොලිසියට දන්වා ඇත. නමුත් පොලිසිය කළ පරීක්ෂණවලදී ගිනි තැබූ කාරය හමුවී ඇති අතර ඒ අනුව ජෝර්ඩන්ට එරෙහිව නඩු පැවරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd