
යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රටවල් කිහිපයක දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
ප‍්‍රංශයේ නගර 4ක සීමා දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර ලියොන්, ලිලී, ග්‍රෙනොබල් සහ සෙන්-එටිනේ නගර අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇත. එම නගරවල මත්පැන්හල් සහ ආපන ශාලා වසා දැමීමට නියෝග කර තිබේ.
ප‍්‍රංශයෙන් ඊයේ ආසාදිතයින් 18,129 දෙනෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.
මේ අතර මැඩ්රිඩ් නාගරික කලාපයට දින 15 ක හදිසි තත්ත්වයක් පැනවීමට ස්පාඤ්ඤ රජය නියෝග කර ඇත. මැඩ්රිඩ් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවම කිරීම එහි අරමුණ වී ඇත.
පෝලන්තයෙන් ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 4739 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 52 කි. මෙසේ අඛණ්ඩ තුන්වැනි දිනයටත් කොරෝනා රෝගීන් වාර්තාගත සංඛ්‍යාවක් හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
පෝලන්තයෙන් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව මෙම සතියේ දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.
ස්කොට්ලන්තයෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 1246 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6 කි.
එළඹෙන දිනවල අදියර තුනක් යටතේ එංගලන්තය තුළ කොරෝනා වෛරසයට අදාළව සීමා පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වී ඇති ප‍්‍රදේශවල ආපනශාලා වසා දැමීම වැනි ක්‍රියාමාර්ග බලපැවැත්වේ.
බීබීසී ඇසුරෙනි
226
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළට