යේමනයේ මහ බැංකුව එරට තුළ ඇතිවී තිබෙන මුදල් හිඟය නිසා වසාදමා ඇතැයි යේමනයේ අගනුවර වන සනාහි පුවත් වාර්තා කරයි.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සවුදි රජය විසින් යේමනයට ලබාදීමට පොරොන්දු වූ විශාල මුදල් තැන්පතු නොලැබී යාම බව වාර්තාවේ.
සවුදි අරාබියේ මෙම අතපෙවීම් වලට එරෙහිව එරට ඇමැතිවරු දෙදෙනකු ද අද වනවිට ඉල්ලා අස්වී තිබේ.
යේමනයේ මහ බැංකුව වසා දැමීම නිසා සේවක පඩි,රෝහල් ,පාසල් ආදියට ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල් සංසරණය නොවෙතැයි බියෙන්නි ජනතාව මේවනවිට වීදි බැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මේ අතර මෙම මුදල් හිඟයට තවත් එක හේතුවක් වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යේමනය සතු මිලියන 287 ක මුදලක් රඳවා තබා ගැනීම බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මීට ඉහත 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී යේමනයේ නව මහ බැංකු අධිපති බවට පත්වූ මොනසාල් අල් සලේ කියා සිටියේ ඔහුට මුදල් නොමැති බැංකුවක් බාරදුන් බවයි.
යේමනය 2015 වර්ෂයේදී එරට හිටපු ජනාධිපති අලී අබ්දුල්ලා සලේ ඉවත්වීමත් සමග සිවිල් යුද්දයකට මුහුන පා ඇති අතර සවුදි අරාබිය යේමනයේ වත්මන් දුර්වල රජයට සහයෝගය ලබාදෙමින් එරට හූති කැරලිකරුවන්ට විරුද්ධව ගුවන් ප්‍රහාර එල්ල කරයි.
(255)
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යේමනයේ මහ බැංකුව වසා දමයි