යේමනයේ සානා අගනුවර ජර්මන් තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජර්මන් ජාතික ආරක්ෂක අංශ නිලධාරියෙක් පෙරේදා (6) වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේය.
පිරිසකගේ ප‍්‍රහාරයකට ලක් වෙද්දී එම ආරක්ෂක අංශ නිලධාරියා සිටියේ සානා නුවර අද්දා නමැති දිස්ති‍්‍රක්කයේ වෙළෙඳපොළකය.
යේමනයේ කි‍්‍රයාත්මක වන්නේ උතුරු අපි‍්‍රකානු අර්ධ ද්වීපයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි.
ඔවුන් මීට පෙර අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබුණේ, විදෙස් තානාපති නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගෙන පහර දෙන බවටය.