IMG-LOGO

යුක්රේන වැසියන් ගැන පාප්තුමා දුකෙන්

රුසියානු ප්‍රහාර හමුවේ පීඩාවට ලක්වුණු අහිංසක යුක්රේන වැසියන්ගේ රුධිරයෙන් සහ කඳුළුවලින් යුක්රේනය තෙත් වී ඇතැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසයි.

පාප්තුමන් මෙසේ පැවැසුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමිනි.

"රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දිගින් දිගටම පවසන්නේ රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවය. ඒත් ඒක වැරදියි, සිදුවන්නේ යුද්ධයක්. රුසියාව යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. රුසියන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් මියයනවා පමණක් නොවෙයි. දේපොල හානි සිදුවෙනවා. ජන ජීවිතය මුළුමනින්ම අවුල් වෙලා. නගරවලට දැඩි හානි සිදුවෙලා. යුද්ධයක් යනු කාටවත් වාසියක් ගෙන දෙන්නක් නොවෙයි. කවුරු දිනුවත්, ඒ දිනුම ලැබෙන්නේ පරාජයක් සමඟයි'' යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පැහැදිලි කළේය.

ගැටුම් හමුවේ යුක්රේන සරණාගතයන්ට ආරක්ෂිතව පිටවී යෑමට 'මානුෂීය කොරිඩෝවක්' සකස් කිරීමේ වැදගත්කම පාප්තුමන් දිගින් දිගටම පෙන්වා දුන්නේය. ඊට අමතරව, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම වහා නැවැත්විය යුතු බව පාප්තුමා යළිත් වරක් අවධාරණය කළේය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

යුක්රේන වැසියන් ගැන පාප්තුමා දුකෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site